June, 23, 2016
ස්වාභාවික රබර් නිපදවන රටවල්වල සංගමයේ, ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තෙවන රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු ස්වාභාවික රබර් නිපදවනු ලබන රටවල් 11ක් සාමාජිකත්වය දරන අන්තර්ජාතික සංවිධානයක් වන ස්වාභාවික රබර් නිපදවන රටවල සංගමය විසින් පිහිටුවන ලද ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තුන්වන රැස්වීම 2016 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.