June, 23, 2016
දුම්කොළ බද්ද 90% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ වන විට පවතින දුම්කොළ බද්ද 67%-72% ත් අතර බවත් එය 90% ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ හරහා ලබන ආදායම තුළින් සෞඛ්‍ය අංශය සඳහා අයකර කරනු ලබන බදු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.