බ්‍රිතාන්‍ය වෙන්වෙයි – පවුම වැටෙයි

    June, 24, 2016

    යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතුද නැතිද යන්න පිළිබඳ විමසීම සඳහා පැවති ජනමත විමසුමේ දී 52% ක බ්‍රිතාන්‍ය වැසියන් බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට මත ප්‍රකාශ කර ඇත.

    මෙම පසුබිම තුළ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව විශාල වශයෙන් පහත ගොස් තිබේ. අද දිනයේ දී බ්‍රිතාන්‍ය පවුම 11% කින් කඩා වැටී ඇති අතර මෙය පසුගිය දශක තුනක කාලය තුළ වාර්තා වූ අඩුම අගය ලෙසින් වාර්තා වේ.

    අද උදෑසන සිට පවුමක වටිනාකම ඩොලර් 1.40 න් පහළ අගයක් කරා පැමිණීමට පටන් ගත් අතර එය ඩොලර් 1.35 දක්වා ත්, පසුව ඩොලර් 1.3224 ක් ලෙසත් පහත වැටී ඇත.