June, 24, 2016
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටුව) 2015 හා 2016 වර්ෂවලට අදාළ බැඳුම්කර නිකුතු පිළිබඳ සිය නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන තෙක් සේවා දිගුවක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මුදල් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
එළඹෙන ජූනි 30 වනදායින් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුට සේවා දිගුවක් ලබා නොදිය යුතු බවට පක්ෂ විපක්ෂ, සිවිල් සංධාන නියෝජිතයින් ගණනාවකගෙන්ම ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
මහ බැංකු අධිපතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කෝප් කමිටු විමර්ශනයක් සිදුවෙමින් පවතින අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ සේවා කාලය දීර්ඝ නොකරන බවට අග්‍රාමාත්‍යවරයාද පසුගිය දා ප්‍රකාශ කොට තිබිණි.
මේ අතර 2016 ජූනි මස මුදල් ප්‍රතිපත්ති විවරණය අද වසව 6.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.