අපනයන වෙළෙඳපොළට බලපෑම් එල්ලවිය හැකියි – වාණිජ මණ්ඩල ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කියයි VIDEO

    June, 24, 2016

    යුරෝපා සංමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමට එරට බහුතර ජනතාවගේ කැමැත්ත පළවීම තුළ එහි බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ල විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 10% ක් බ්‍රිතාන්‍යයටත් 30% ක් යුරෝපයටත් යැවෙන බවයි. එබැවින් මෙම ජනමත විමසුම අපගේ අපනයන වෙළෙඳපොළ කෙරෙහි අහිතකර ආකාරයෙන් බලපා හැකි බවත් ඒ වෙනුවෙන් සිදුකළ යුත්තේ අපගේ අපනයන වෙළෙඳපොළවල් හැකිතාක් පුළුල් කරලීමට පියවර ගැනීම බවත් ඔහු මෙහිදී පැවසීය.

    ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනුෂ්ක විජේසිංහ මහතා අද දෙරණ සමඟ දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=3-5pqdOhYU4