June, 25, 2016
තත්පරයට ගිගාබයිට් 1ක සුපිරි ඩවුන්ලෝඞ් වේගයක් සහිත 4.5G තාක්ෂණය අත්හදා බලමින් ශ‍්‍රී ලංකාව, දකුණු ආසියා කලාපයේ බ්‍රෝඞ්බෑන්ඞ් තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තවත් නව සන්ධිස්ථානයක් 2016 ජුනි 17 වැනි සිකුරාදා දින සනිටුහන් කරන ලදී.
මෙම අතිනවීන තාක්ෂණික පහසුකම ප‍්‍රදර්ශනය කරන ලද්දේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී 4G ජාල සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමේ Huawei තාක්ෂණය සහිත LTE යටිතල පහසුකම් හරහාය. LTE Radio (Air) Interface සමගින් රැහැන් රහිතව තත්පරයට ගිගා බයිට් 1ක වේගයක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාවට නැංවීම සඳහා ඩයලොග් සමාගම සතු හැකියාව මෙම අත්හදා බැලීම තුළින් මනාව පැහැදිලි වන අතර මෙම තාක්ෂණය හඳුන්වාදීමත් සමගින් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවල් අතර ප‍්‍රමුඛස්ථානයට පත් වේ.
4.5G තාක්ෂණ හැකියාවන් පරීක්ෂා කිරීමත් සමගින් ශ‍්‍රී ලංකාව ලොව 4.5G හැකියා පෙන්නුම් කරන ලද රටවල් 20 අතරට ඇතුළත් වේ.
ඩයලොග් ආසිආටා සමාගම මින් පෙර 2014 වසරේදී දකුණු ආසියා කලාපය සඳහා 4G සේවා හඳුන්වාදීමේ පුරෝගාමියා බවට පත් විය. එතැන් පටන් සමාගමේ 4G LTE ජාලය හරහා තත්පරයට මෙගා බයිට් 100ක් දක්වා වූ Burst වේගයක් ලබාදුන් අතර ශ‍්‍රී ලාංකිකයින් අතරින් 50%ට අධික පිරිසකට 4G හරහා සුපිරි අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් ආවරණයක් ද පිරිනමන ලදී. ජනගහණයෙන් 80%ට අධික පමණ පිරිසකට ආවරණය සපයන සමාගමේ 3G-HSPA ජාලය අනුව යමින් නුදුරු අනාගතයේදී ශ‍්‍රී ලංකාවේ ජනාකීර්ණ සියලූ ප‍්‍රදේශ සඳහා සුපිරි අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් ආවරණය ලබා දීම Dialog 4G LTE සේවා මගින් අපේක්ෂා කෙරේ.
ශ‍්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අඩුම බ්‍රෝඞ්බෑන්ඞ් ගාස්තු පිරිනමන රට වශයෙන් ITU විසින් නම් කරනු ලැබ ඇති අතර ‘State of the Internet – Connectivity’ යන Akamai වාර්තාවෙහි දැරිය හැකි මිල, පහසුවෙන් ලබාගැනීමේ හැකියාව, ගුණාත්මක බව සහ බ්‍රෝඞ්බෑන්ස් සේවාවන්හි විශේෂාංග සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කලාපය තුළ පුරෝගාමීව සිටින බව ප‍්‍රකාශයට පත් කර තිබේ.
ඡායාරූප විස්තරය - (වමේ සිට) ඩයලොග් සමාගමේ බ්‍රෝඞ්බෑන්ඞ් ව්‍යාපාර ප‍්‍රධානී නවීන් පීරිස් මහතා, ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී ප‍්‍රදීප් ද අල්මේදා මහතා, ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අස්වාන් ඛාන් මහතා, Huawei Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ෂුන්ලි වැං මහතා, Huawei Sri Lanka සමාගමේ සහකාර ප‍්‍රධාන විධායක නිලධාරී වසභ බුලත්සිංහල මහතා දකුණු ආසියාවේ පළමු 4.5G පෙරහුරුව සඳහා සහභාගි වෙමින්