ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය

    June, 27, 2016

    වෘත්තීය ගැනුම්කරුවන්, ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්නන් හා ආර්ථික විශ්ලේෂකයන්ට කර්මාන්ත තත්ත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන කාලීන දත්ත ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2015 මැයි මස සිට නිෂ්පාදන සහ සේවා කටයුතුවලට අදාළව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයක් ආරම්භ කරන ලදී.

    මෙම සමීක්ෂණය දෙපාර්තමේන්තුව මගින් මාසිකව පවත්වන ලද අතර එය 2016 අප්‍රේල් මාසය වන විට වසරක කාලරාමුවක් සම්පූර්ණ කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත මහජනතාවගේ දැනුම්වත් වීම සඳහා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරන ලදී.

    පසුගිය ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගයන් ද ඇතුළත්ව ඇති 2016 මැයි මස සමීක්ෂණයෙහි වාර්තාව පහත දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි සංඛ්‍යාන අංශය යටතේ මෙම සමීක්ෂණයෙහි ප්‍රතිඵල සඳහා ප්‍රවේශ විය හැකි අතර මෙම තොරතුරු මාසික පදනමින් යාවත්කාලීන වනු ඇත.