විදෙස් ආයෝජන ගලා යාම් ලංකාවට සෘජුවම බලපාලා – කොටස් වෙ‍ළෙඳපොළ ප්‍රධාන විධායක කියයි VIDEO

    June, 28, 2016

    ආසියාතික කලාපයේ ආයෝජිත විදෙස් අරමුදල් නැවත වරක් ඇමරිකාවට ගෙන යන ප්‍රවණතාවක් තිබෙන බවත් ශ්‍රී ලංකාවට ද එහි සෘජු බලපෑම එල්ල වී තිබෙන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජීව බණ්ඩාරනායක මහතා කියා සිටියේ කොටස් වෙළෙඳපොළ පිරිවැටුමෙන් 35% ක පමණ දායකත්වය ලබා දෙන්නේ විදේශීය ආයෝජකයින් බවයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=hk7lChIUVRU