ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් වෙළෙඳපොළටත් ?

    June, 28, 2016

    ඉඩම් ගනුදෙනුවලින් උපනය ලාභ සඳහා හඳුන්වා දෙන ලද ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් ගනුදෙනුවලින් උපයන ලාභ සඳහා ද බලපවත්වන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසා තිබේ.

    ඊයේ සන්ධ්‍යාවේ පැවති විදෙස් මාධ්‍යවේදීන්ගේ හමුවක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය අනාවරණය කර සිටී.

    ඉඩම් ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්ද යළි හඳුන්වා දීම සඳහා මෙම මස ආරම්භයේ දී කැබිනට් අනුමැතිය හිමිවිය.