June, 29, 2016
බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳ පොළ මේ වන විට වසර 31ට පෙර තිබූ අවම අගයට පහළ බැස ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එසේම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ සිටියදී ශ්‍රී ලංකාවට අත් වීමට තිබුණු වාසි සහගත තත්ත්වයන් මෙහිදී ඉවත් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එංගලන්තයේ නිෂ්පාදන බිඳවැටීමක් සිදු වන බව ද පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයක් සඳහා බලපෑම් ඇති වන බව පෙන්වා දුන්නේය.
මෙරට යුරෝපීය අපනයනය 30%ක් පමණ සිදු වූ අතර ඉන් 35%ත් 40%ත් අතර ප්‍රමාණයක් එංගලන්තයට ගිය බවත් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට ශක්තිමත් වෙළෙඳ පොළක් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වර්තමානයට වඩා පහළට වැටෙනු ඇතැයි අනුමාන කරන බවට වාර්තා ලැබී තිබෙන බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කළේය.
මෙරටට 25%කට වැඩි සංචාරකයින් පිරිසක් එංගලන්තයෙන් පැමිණි අතර එයට ද ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු වනු ඇතැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අගමැතිවයා මේ සම්බන්ධයෙන් දූරදර්ශීව කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සමඟ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙන බවයි. එසේම බ්‍රිතාන්‍ය ද වෙනත් රටවල් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට නියමිත ය. ජීඑස්පී ප්ලස් තිබුණේ නම් මීට වඩා තරගකාරී වෙනසකට මෙරට අපනයන වෙළෙඳපොළ ගෙන යාමට හැකි වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.