June, 29, 2016
ඕස්ට්‍රේලියානු කැසිනෝ රජු ලෙසින් හැඳින්වෙන ජේම්ස් පැකර් හට සිඩ්නි වරාය ඉලක්කගත කරමින් කැසිනෝ සූදූ ක්‍රීඩා පහසුකම් ද සහිත තරු හයේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජයේ අනුමැතිය ලැබී තිබේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ව්‍යාපෘතියක් වන මේ හරහා නව රැකියා අවස්ථා 1,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ හැකි බවත්, ආසියාතික හා විශේෂයෙන්ම චීනයේ සිට සිඩ්නි වෙත පැමිණෙන ඉහළ ආදායමැති සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙය ගොඩනඟන බවත් ක්‍රවුන් රිසෝර්ට්සම් නිවේදනය කර සිටී.
කාමර 350 කින් යුතු තරුහයේ හෝටලයක්, මහල් නිවාස ඒකක 66 ක් සහ සීමාකරන ලද සූදූ ක්‍රීඩා මධ්‍යස්ථානයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.