නැෂනල් පීවීසී කොටස් දෙගුණ වෙයි

    June, 30, 2016

    නැෂනල් සන්නාමය යටතේ පීවීසී පයිප්ප හා උපාංග නිෂ්පාදනය කරනු ලබන සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කොටස් ද්‍රවශීලතාව ඉහළ නැංවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. එහිදී දැනට පවතින සමාගමේ කොටසක් කොටස් දෙකක් බවට පරිවර්තනය වීමට නියමිතය.

    ඒ අනුව දැනට පවතින සමාගමේ කොටස් ප්‍රමාණය වන කොටස් 9,884,214 දෙගුණයක් වනු ඇත. එහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි කිසිදු වෙනසක් සිදුනොවේ.

    මෙම කොටස් අනුබෙදුමෙන් පසු සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය කොටස් 19,768,428 ක් බවට පත්වනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates