කෘෂිකර්මාන්තයේ නව්‍යකරණයට ලෝක බැංකුවෙන් මිලියන 125 ක්

    July, 1, 2016

    ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (International Development Association - IDA) ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 125 ක ණය මුදල් ලෝක බැංකුව විසින් අනුමත කර තිබේ. මෙරට කෘෂිකර්මාන්තයේ නව්‍යකරණය සඳහා අදාළ ණය ආධාරය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යාපාරික අතින් වඩාත් ඵලදායී හා ආකර්ෂණීය කර්මාන්තයක් ලෙස නවීකරණය සඳහා මෙමඟින් පිටිවහලක් හිමිවන අතර දේශගුණික තත්ත්වයන්ට අනුගත වෙමින් පාරිසරික වශයෙන් වඩාත් කාර්යක්ෂම කර්මාන්තයක් බවට පත්කරලීම සඳහා මෙම ණය ආධාර ලැබෙනු ඇත.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව මෙම ක්‍රමය යටතේ ආවරණය වන පළාත් වන අතර ප්‍රාථමික කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත අමාත්‍යංශය ඒ හා සම්බන්ධව කටයුතු කරනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය හරහා 30,000 කට අධික ගොවීන් පිරිසකට ප්‍රතිලාභ හිමිවනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

    Video Story

    Stock Market

    Exchange Rates