July, 2, 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ට්විටර් ගිණුමෙන් අනාවරණය කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ Harrow විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. සසෙක්ස් සරසවියෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.
1973 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික සේවයට එක් වූ ඒ මහතා 1989 දක්වා එහි ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන හා බැංකු අධීක්ෂණ අංශයෙන් මාණ්ඩලික නිලධාරියෙකු ලෙසින් සේවය කර තිබේ.
එසේම 1981-89 කාලය තුළ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයට අනුයුක්තව ද ඒ මහතා සේවය කර ඇත.
තවද 1990-2008 කාලය තුළ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කර තිබේ.