වැට් ගැන අන්තිම සාකච්ඡාව හෙට VIDEO

    July, 3, 2016

    වැට් බද්ද පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු වී නොමැති බවත් ජූලි 04 වන දින මේ සම්බන්ධයෙන් අවසාන සාකච්ඡාව පවත්වන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    මෙහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ සිටින සියලු ම වෙළෙඳ ව්‍යාපාරිකයින් මෙම සාකච්ඡාව සඳහා කැඳවන බවයි. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු මෙම සියලු ගැටළු නිරාකරණය වන බවට කිසිදු සැකයක් නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    වැට් බද්ද නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක මිල වැඩි කර නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැක් වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=Ywmo6zCYI2A

    Video Story

    Stock Market

    Exchange Rates