2016 පළමු කාර්තුවේ දී සෘජු විදෙස් ආයෝජන 50% කින් අඩුවෙලා

    July, 4, 2016

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණයද ඇතුළත් මුළු විදේශීය සෘජු ආයෝජන 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 346.4 සමඟ සැසඳීමේ දී 2016 වසරේ පළමු කාර්තුවේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 164.5 ක් වී තිබේ.

    මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2016 මාර්තු මස අවසානය දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 12.5 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර එය ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 13.8 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3 ක ලැබීම්වලින් සමන්විත විය.

    Video Story

    Stock Market

    Exchange Rates