ජෝන් කීල්ස් අධ්‍යක්ෂධූරයට සමු දී ආචාර්ය කුමාරස්වාමි මහ බැංකුවේ වැඩ භාර ගනී

    July, 4, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) දින වැඩ භාරගෙන තිබේ. මේ සම්බන්ධ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමාරස්වාමි මහතා වෙත අද උදෑසන පිළිගන්වා ඇත.

    මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂවරයෙකු ද වූ ආචාර්ය කුමාරස්වාමි, 2016 ජූලි 03 වන දින එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව සමාගම නිවේදනය කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates