වෙළෙඳ හිඟය 20% කින් ඉහළට

    July, 4, 2016

    වෙළෙඳ හිඟය 2015 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 516 ට සාපේක්ෂව 2016 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 621 දක්වා 20.2% කින් ප්‍රසාරණය වී තිබේ.

    කෙසේ වෙතත් සමුච්ඡිත වශයෙන් සැලකූ විට 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,908 ක්වූ වෙළෙඳ හිඟය 2016 වසරේ පළමු මාස තුන තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,867 ක් දක්වා 2.2% කින් පහත ගොස් ඇත.