July, 4, 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙසින් වැඩ භාර ගත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පළමු වරට මහ බැංකු කාර්ය මණ්ඩලය, මීට සුළු මොහොතකට පෙර අමතන ලදී. මෙහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් මෙම ස්ථානයේ සිටීම තමන් ලැබූ ගෞරවයක් බවයි.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු කාර්ය මණ්ඩලය අමතමින් සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
https://www.youtube.com/watch?v=NyYKMFnJm6c
1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලය අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කරන ලදී. මේ අනුව ආචාර්ය කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ඇත.