ජේ. එල්. මොරිසන්ස් හඳුන්වාදෙන ද්විත්ව ක්‍රියාකාරී (2 ඉන් 1) විප්ලවීය නව නිපැයුම

    July, 7, 2016

    රැවුල කැපීමටත්, මුහුණ පිරිසිදු කිරීමටත් එකවර සමත් නවෝත්පාදනයක් ජේ. එල්. මොරිසන්ස් වෙතින් වෙළඳපොළට.

    සෞඛ්‍ය සත්කාර සේවයේ සහ පාරිභෝගික වෙළඳ නිෂ්පාදන අංශයේ පුරෝගාමී ශ්‍රී ලාංකීය සමාගමක් වන ජේ. එල්. මොරිසන්ස් විසින් නව පන්නයේ රැවුල කැපීමට උපයෝගී කරගන්නා ජෙල් (shave gel) නිෂ්පාදනයක් පසු ගියදා හඳුන්වා දෙනු ලැබුවා.

    නමින් ෆෝස් ටූ ඉන් වන් ශේව් ඇන්ඩ් වොෂ් ජෙල් (FORCE 2 in 1 Shave & Wash Gel) වන මෙය රැවුල කැපීමට පමණක් නොව මුහුණ පිරිසුදු කිරීමටත් හැකි තාක්ෂණයකින් හෙබි වන අතර කාර්ය බහුල දිවියක් ගත කරන පිරිමි පාර්ශවයට බෙහෙවින් වාසි දායී නිෂ්පාදනයකි.

    නව නිපැයුමක් වන මෙය වෙළඳපොලට හඳුන්වා දෙන ලද්දේද පෙර නොවූ විරු ආකාරයකටයි. සුපුරුදු ලෙස සාමාන්‍ය වෙළඳසැල් හා සුපිරි වෙළඳසැල් ආදියෙහි අලෙවි කිරීමට ප්‍රථමව ෆෝස් අලෙවි කිරීමේ අවස්ථාව මුලින්ම හිමි වූයේ අන්තර්ජාලය මුල් කරගත් ජනප්‍රිය මුල් පෙළේ අළෙවි වෙබ් අඩවියක් වන ටකස් (www.takas.lk) වෙතටයි. මොරිසන්ස් සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක ට්‍රිහාන් පෙරේරා මහතා අවස්ථාවට එක්වෙමින් පවසා සිටියේ වර්තමාන තරුණයා පරිඝණක හා ජංගම දුරකථන ඔස්සේ දෛනිකව අන්තර්ජාලය හා පවතින සමබඳියාව ඔවුන්ගේ ජීවිත හා බද්ධ වී ඇති බවයි. එමෙන්ම ඔවුන් තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීම, තොරතුරු සෙවීම, සන්නිවේදනය ආදී විවිධාකාරයේ පහසුකම් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට අධික ලෙස පෙළඹී තිබෙන අවදියක ඔවුනටම ගැලපෙන මෙවැනි නිෂ්පාදනයක් එම මාර්ගය ඔස්සේම හඳුන්වා දීමට හැකි වීම ඉතාමත් කාලෝචිත වූ බව එතුමා වැඩි දුරටත් පවසා සිටියා. නුදුරු දිනයකදීම අන්තර්ජාලය හා සම්බන්ධ එලෙක්ට්‍රොනික වාණිජ්‍ය (Ecommerce) විසින් පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ රටාවන් බොහෝ සෙයින් වෙනස් කරනු ඇති බව එතුමාගේ මතයයි.

    ටකස්. හි ප්රධාන මෙහෙයුම් නිලධාරී මුර්තසා මූසජී මහතා අවස්ථාවට එක්වෙමින් පවසා සිටියේ ෆෝස් ටූ ඉන් වන් ශේව් ඇන්ඩ් වොෂ් ජෙල් වැනි නව නිපැයුමක් නව පන්නයේ අළෙවි මාධ්යක් ඔස්සේ හඳුන්වා දීමේ කර්තව්යයේ හවුල්කරුවන් වීම පිලිබඳ තමන් බෙහෙවින් ආඩම්බරයට පත්වන බවයි. එල්ක්ට්රොනික වානිජ්ය ක්රමය මගින් පාරිභෝගිකයාට වේගවත්, පහසු සහ උසස් තත්වයේ නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමේ අත්දැකීමක් ලබාදීමේ සවිබලයෙන් යුක්ත වීමත් සමාගම් දෙකම එවැනි පාරිභෝගික සත්කාරයක් වෙනුවෙන් ඇප කැප වී සිටීමත් තමන් බෙහෙවින් අගය කරන බව එතුමා වැඩි දුරටත් පවසා සිටියා.

    ෆෝස් ටූ ඉන් වන් ශේව් ඇන්ඩ් වොෂ් ජෙල් ටකස්. අළෙවි අඩවිය ඔස්සේ හඳුන්වා දීමේ විශේෂ මිලකට දැන් www.takas.lk/force මගින් ලබා ගත හැක. දිවයිනේ ඔනෑම ස්ථානයකට නොමිලේ ගෙනවිත් අතටම ලබාදීමට කටයුතුද යොදා ඇත. වැඩි දුර තොරතුරු www.facebook.com/ForceGoBeyond ෆොස් ෆේස්බුක් පිටුව ඔස්සේ ලබාගත හැක.

    ෆෝස් හඳුන්වා දෙන ජේ. එල්. මොරිසන්ස් සමාගම ශ්රී ලාංකීය සමාගමක් වන අතර දශක හතකට වැඩ වැඩි කාලයක අත්දැකීම් සම්භාරකට උරුමකම් කියයි. රුපලාවන්ය හා ඖෂධ දේශීයව නිෂ්පාදනයට අමතරව ලොව සුපතල වෙළඳ නාම යටතේ පවතින පාරිභෝගික වෙළඳ නිෂ්පාදන, ඖෂධ හා කෘෂිකාර්මික නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහැරීම ඔවුනගේ දිවයින පුරා ඇති වෙළඳ ජාලය ඔස්සේ සිදු වේ.