July, 7, 2016
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යාලයීය කටයුතු මීට පෙර පවත්වාගෙන ගිය, වොෂින්ටන් ඩී.සී.හි පිහිටි, ශ්‍රී ලංකා රජය සතු ගොඩනැඟිල්ල මේ වන විට කිසිවකු විසින් පරිහරණය කරනු නොලබන අතර, එම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා රජයට ආර්ථික වශයෙන් ඵලදායී වන ආකාරයට ප්‍රයෝජනයට ගැනීම සුදුසු බවට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, එම ගොඩනැඟිල්ල බදු දීම/කුලියට දීම සම්බන්ධයෙන් වන නියමයන් හා කොන්දේසි සාකච්ඡා කිරීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සභාපතිත්වය යටතේ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර, එම ගොඩනැඟිල්ල බදු දීමට/කුලියට දීමට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.