August, 14, 2025
ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව,සංවිධානය කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ නිෂ්පාදන සම්මාන 2025 (SLCHPA) වැඩසටහන අගෝස්තු 13 වැනිදා කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී දියත් කරන ලදී.
තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ හොඳම සෙෘඛ්‍ය පුරුදු රටාවන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයට ගෙන එයි.
COYLE සභාපති මංජුල විජේසුන්දර මහතා උත්සවය අමතමින් ප්‍රකාශ කළේ, "මෙය සම්මාන පිරිනැමිමේ වැඩසටහනක් පමණක් නොව, සෞඛ්‍යමත් හා නිෂ්පාදනශීලී රැකියා පරිසරයක් ගොඩනැගීමේ ජාතික ව්‍යාපෘතියකි. සමාජය, පවුල සහ ආයතන තුළ සෞඛ්‍යය හා සතුට ගොඩනගාගත යුතුය." යනුවෙනි.
මෙවර ප්‍රධාන අනුග්‍රාහක සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ශක්තිමත් නීරෝගි ශ්‍රම බලකායකින් යුතු ආර්ථික යක් ගොඩනැගීමට සහාය දැක්වීමේ අරමුණ ප්‍රකාශ කරමින්, COYLE සමග සෞඛ්‍ය, සුබසාධන සහ නිෂ්පාදන ප්‍රවර්ධනයේ පුරෝගාමී ආයතන පිළිගැනිමේ කර්තව්‍යයට අනුග්‍රහය දැක්විමට හැකි විම සතුටට කරුණක් බව ප්‍රකාශ කළේය.
සංවිධාන කමිටු සභාපති මිහිරු පෙරේරා මහතා අවධාරණය කළේ, "ව්‍යාපාරික හා සමාගම් නායකයන්, ස්වකිය සේවක ප්‍රජාවට ගෞරවය ලබාදෙමින් රට පුරා ආදර්ශයක් වෙමින්. සෞඛ්‍යමත්, නිෂ්පාදනශීලී ජාතියක් එක්ව ගොඩනගමු." යනුවෙනි.
SLCHPA 2025 සඳහා අයදුම්පත් www.slchpa.com වෙතින් බාගත කළ හැකි අතර, ඉදිරිපත් කිරීම් 2025 ඔක්තෝබර් 31 දක්වා බාර ගනු ලැබේ.
SLCHPA 2025 – සෞඛ්‍යමත් සේවකයෙකු, ශක්තිමත් ආයතනයක්, නිෂ්පාදනශීලී ජාතියක්.