August, 21, 2025
Evolution Auto සහ Ather Energy එක්ව සංවිධානය කළ ‘Ather Experience Zone’ 2025 අගෝස්තු 17 දින කොළඹ ගෝල්ෆේස් පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. වසර 8ක බැටරි වගකීමක් ලබාදෙන Ather 450X නවීනතම ඉලෙක්ට්‍රික් ස්කූටරය එළිදැක්වීම අරමුණු කොටගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
2025 අගෝස්තු 17 දින පෙරවරු 10ට ආරම්භ වූ මෙම ‘Ather Experience Zone’ එදින රාත්‍රී 10 දක්වා පැවැත්වූ අතර පැමිණි සිටි ජනතාවට කිසිදා අත්විඳීමට නොලැබුණු අපූර්ව අත්දැකීම් සමුදායක් දායාද කලේය. මෙම අවස්තාවට එක්වූ ජනතාවට Ather 450X ස්කූටරය නැරඹීමට, ඒ ගැන අවබෝධය ලබාගැනීමට පමණක් නොව එහි ප්‍රථම ධාවන අත්දැකීම ලබාගැනීමේ අවස්ථාවද සැලසිනි.
මෙම ප්‍රථම ධාවන අත්දැකීම මඟින් acceleration, handling, ධාවනයේ පහසුව පිළිබඳවද , smart connectivity, app integration සහ EV ownership වාසි , charging infrastructure ආදී කරුණු රැසක් පිළිබඳව දැනුම අවබෝධයක් ලබාගැනීමටද හැකියාව ලැබුණි.
මෙම නව ඉලෙක්ට්‍රික් යතුරුපැදි අත්දැකීම ලාංකිකයන්ට තිළිණ කළ Evolution Auto (Pvt) Ltd. ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි සහරාන් සියාවුදීන් මහතා සඳහන් කළේ, Ather Experience Zone හරහා ඔවුන් ලංකාවේ සෑම දෙනාටම මේ නව ඉලෙක්ට්‍රික් යතුරුපැදි අත්දැකීම විඳින්නට ආරාධනා කළ බවත් මෙම කාර්යක්ෂම සහ පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් වාහන අත්දැකීම කොළඹ සහ ඔබේ නගරයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
Ather Energy ආයතනයේ ප්‍රධාන ව්‍යාපාර නිළධාරි රව්නීත් සින්ග් පොකෙලා මහතා ද මෙම “Ather Experience Zone” පිළිබඳව සඳහන් කළේ මෙම 2025 Ather 450X නවීන මාදිලියේ ඉලෙක්ට්‍රික් ස්කූටර් යතුරුපැදිය ලංකාවට හඳුන්වාදීමට ලැබීම විශාල සතුටක් බවත් ඒ පිළිබඳව ඉහළ ප්‍රතිචාර ලැබුණු බවත් ය. එසේම මෙමඟින් ලාංකිකයන්ට වඩාත් හොඳ ධාවන අත්දැකීමක් ලබාදීමටද ඔවුන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
මෙලෙස හඳුන්වා දුන් Ather 450X ස්කූටරයේ software engine අන්තර්ගත අතර Google Maps, Alexa, WhatsApp notifications dashboard, සහ location service, live location share කිරීම ආදී නවීන තාක්ෂණය එක්කොට ඇති අතර මෙම ස්කූටර් Stealth Blue සහ Hyper Sand වැනි නවීන වර්ණ දෙකකින් සමන්විතවීම ද විශේෂ වේ.
මෙම පරිසර හිතකාමී Ather 450X ස්කූටරයේ බැටරිය සඳහා වසර8ක වගකීමක් හෝ 80,000 km, 70% battery health assurance තිබීම Battery health, performance පිළිබඳ දීර්ඝ විශ්වාසයක් ලබාදීමට සමත්වේ. තවද විවිධ මාර්ග තත්ත්ව වලට යෝග්‍ය ලෙස මෙහි Multi-Mode Traction Control සහ පල්ලම් වලදි ඔබව ආරක්ෂා කිරීමට භාවිතා වන Auto Hold ද මෙහි අන්තර්ගත කොට ඇත.