August, 25, 2025
ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා මනාව යෝග්‍ය වේ. මෙම නවතම වෙළඳ රථ පෙළ Tata සමාගමේ උසස් ක්‍රියාකාරීත්වයෙන් යුතු ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා දක්වන නිපුණතාවය පිළිබිඹු කරන අතර ඕනෑම තත්වයකට සුදුසු මෙම Tata වෙළඳ වාහන ඉහළ කාර්යක්ෂමතාවයක් සහ උපරිම සුවපහසුවක් ද පාරිභෝගිකයාට ලබා දෙයි.
Tata Motors හි විධායක අධ්‍යක්ෂ ගිරිෂ් වාග් මහතා ප්‍රකාශ කළේ මෙරට වෙළඳපල සම්බන්ධයෙන් අපි සතු අවබෝධයත්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍ර තුළ වර්ධනය සලකා බලමින් මෙම වෙළඳ වාහන පෙළ හඳුන්වා දී ඇති බවත්ය. මෙම වැඩි දියුණු කළ වෙළඳ වාහන රථ පෙළ මඟින් උසස් ක්‍රියාකාරීත්වයක් සහ ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත. DIMO සමඟ දශක 6කට අධික සහයෝගිතාවය සමඟින් මෙම රථ පෙළ ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රවාහන ක්ෂේත්‍රය නව තලයකට යොමු කරමින් රටේ සංවර්ධනයට දායක වන බව තමා විශ්වාස කරන බවත් ඔහු තව දුරටත් පැවසුවේය.
DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ, DIMO සහ Tata Motors සහයෝගීතාවය දීර්ඝ කාලයක් පුරාවට මෙරට වෙළඳ වාහන ක්ෂේත්‍රය නව මානයකට යොමු කර ඇති බවයි. මෙම රථ පෙළ සුපිරි ඉංජිනේරු තාක්‍ෂණයෙන් යුතුව අනාගත ප්‍රවාහන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙරටට හඳුන්වා දී ඇති අතර DIMO හි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සමඟින් පාරිභෝගිකයාට මෙම රථ පෙළ හරහා උපරිම සේවාවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. DIMO සමාගම Tata Motors සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන විසඳුම්
මගී ප්‍රවාහනය සඳහා වන විසඳුම්
පාරිභෝගික සේවාව
ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් තුළ සාර්ථක අලෙවියක් වාර්තාවන Tata Motors හි වෙළඳ වාහන sub-1-tonne mini ට්‍රක් රථවල සිට 60-tonne heavy-duty ට්‍රක් රථ මෙන්ම ආසන 9 සිට 71 දක්වා මගී ප්‍රවාහන විසඳුම් දක්වා වූ පුළුල් පරාසයක විහිදේ. වෙළඳ වාහන පිළිබඳ දශක 07කට අධික පළපුරුද්දක් ඇති Tata සමාගම, ඉංජිනේරු ශිල්පය සහ ගෝලීය නවෝත්පාදන මත පදනුම් වූ නිෂ්පාදන තුලින් කාර්ය සාධනය, කල්පැවැත්ම සහ සම්පූර්ණ පිරිවැය කාර්යක්ෂමතාව අඛණ්ඩව සහතික කරයි.