August, 28, 2025
හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අවම වරප්රසාදිත වතුකර දරුවන් වෙනුවෙන් ‘පියවර’ පෙර පාසලක් නුවර එළිය පෙඩ්රෝ වතු යායේ විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. හේමාස් අවුට්රීච් පදනම යනු ශ්‍රී ලංකාවේ මුල් ළමා විය සංවර්ධනයේ අර්ථවත් පරිවර්තනයක් වෙනුවෙන් කැප වී කටයුතු කරන ශ්‍රී ලංකාවේ කිර්තිමත් පදනමකි. වැවිලි මානව සංවර්ධන භාරය [Plantation Human Development Trust (PHDT)] සහ කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (Kelani Valley Plantations) සමාගම සමග එක්ව, හේමාස් අවුට්රිච් පදනමේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම පෙර පාසල, රටේ විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ප්‍රජාවන්ට අයත් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව උදා කර දීම සඳහා හේමාස් සමූහය දරන පුළුල් ප්රයත්නයක එක් වැදගත් ඉදිරි පියවරකි.
මෙම නව පෙර පාසල හරහා වතුකරයේ අවම වරප්‍රසාදීත දරුවන් 50 දෙනෙකුට, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් පෙර පාසල් අධ්‍යාපනයක් ලබා දෙනු ඇත. මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ මෙරට පෙරපාසල් අධ්‍යාපන ක්ෂේත්රය තුළ පවතින විෂමතා අවම කරමින්, අවම වරප්රසාදිත දරුවන්ටද මුල් ළමාවිය සංවර්ධන වටපිටාවක් තුළින් නිසි අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, රටේ සියලුම දරුවන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීම හේමාස් අවුට්රීච් පදනමේ අරමුණ වී තිබේ.
පෙඩ්රෝ වතු යාය තුළ අලුතින් ආරම්භ කරන ලද මෙම පෙර පාසලත් සමග හේමාස් අවුට් රිච් පදනම රට පුරා ස්ථාපිත කර ඇති පියවර පෙර පාසල් සංඛ්‍යාව 71 ක් බවට පත් ව ඇති අතර මේ වන විට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පියවර පෙරපාසල් 5ක් ඉදිවෙමින් පවතී. මෙවැනි සමාජ සත්කාරයන් ඔස්සේ විශේෂයෙන්ම වතුකරයේ ජනතාව ඇතුළුව විවිධ ගැටලුවලට මුහුණ දී සිටින ප්‍රජාවන්ට අයත් පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් මුහුණ දීමට සිදු වූ බාධාවන් අවම කිරීමට හේමාස් අවුට්රීච් පදනම උත්සාහ දරමින් සිටී.
“වතුකරය තුළ ප්‍රථම වරට පියවර පෙර පාසලක් විවෘත කිරීම හේමාස් අවුට්රීච් පදනමේ සමාජ මෙහෙවරේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. දරුවන්ට කුඩා අවධියේ සිටම අධ්‍යාපනය සඳහා නිසි අවස්ථා උදා කර දීම තුළින් ඔවුන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උරුම කර දෙන අතරම, ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවන්ට යහපත සැලසීමටත් අපට හැකියාව ලැබෙනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සභාපති අබ්බාස් යුසුෆලි මහතා පැවසීය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග එක්ව ක්‍රියාත්මක කරන පියවර පෙර පාසල් වැඩසටහන දශක දෙකක කාලයක් පුරා මෙරට මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබේ. මෙම වැඩසටහන මේ වන විට මෙරට ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතීන් අතර වඩාත්ම සාර්ථක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් අතරින් එකක් බවට පත් වී ඇත.
සෑම දරුවෙකුටම අධ්‍යාපනය, වර්ධනය හා සාර්ථකත්වය උදෙසා සමාන අවස්ථා උදා කර දිය යුතු බව හේමාස් අවුට්රීච් පදනම විශ්වාස කරයි. පෙඩ්රෝ වතු යාය තුළ ආරම්භ කරන ලද මෙම පෙර පාසල, එම විශ්වාසය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා දරන උත්සාහයේ තවත් සුවිශේෂී ප්රතිඵලයකි. මෙවැනි සමාජ සත්කාරයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවන පසුබිමක් නිර්මාණය කිරීම සඳහා හේමාස් සමූහය කැප වී සිටී.

‘පියවර’ පෙර පාසැල

පෙරපාසල් දරුවන් විසින් හේමාස් අවුට්රීච් පදනමේ සභාපති අබ්බාස් යුසුෆලි මහතා සහ එම පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පිළිගනු ලැබූ අවස්ථාව
ඡායාරූපය: හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය, එම පදනමේ සභාපති අබ්බාස් යුසුෆලි මහතා සහ හේමාස් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සමූහ තිරසාරත්ව සහ විශේෂ ව්‍යාපෘති) මින්දික තිලකරත්න මහතා වතුකරයේ ප්‍රථම ‘පියවර’ පෙර පාසැල විවෘත කළ අවස්ථාවේදී