September, 2, 2025
John Keells Properties සමාගම, සිය නවීනතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇළ පිහිටි VIMAN නිවාස ව්‍යාපෘතියේ අනාගත ගැනුම්කරුවන් හට සුව පහසු ප්‍රවාහන සේවා පහසුකම් සලසා දීම සඳහා PickMe සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට පැමිණ ඇත. 'නව ලොවක් නිර්මාණය කිරීම' යන දැක්ම මත පදනම් වූ මෙම සහයෝගීතාවය හරහා විවිධ වූ ගැනුම්කරුවන් හට ඔවුන්ගේ නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රවේශ වෙමින්, ඒ පිළිබඳව සොයා බැලීමට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ අත්දැකීම මෙහිදී ලබා ගත හැකි වේ.
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties සමාගමේ විකුණුම් සහ අලෙවි ප්‍රධානී, John Keells Group හි උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. ''දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ පුරෝගාමී සමාගමක් ලෙස, ප්‍රවාහන ක්ෂේත්‍රය තුළද සුවිශේෂී වූ පරිවර්තනයක් කරන සමාගමක් වන PickMe සමග එක් වෙමින් ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතියේ ගනුදෙනුකරුවන්ට පහසු ප්‍රවාහන විසඳුමක් ලබා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය හරහා ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදී ගැනීමේ අත්දැකීම වැඩිදියුණු කිරීම වැදගත් සන්ධිස්ථානයක්. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත දැන් ජා-ඇළ සිට කොළඹ දක්වා පැමිණ VIMAN හි ආකෘති නිවහන නැරඹීමටත්, අපගේ ආයෝජන උපදේශකයින් හමුවී ඒ පිළිබඳව බාධාවකින් තොරව සාකච්ඡා කිරීමටත් ජා-ඇල පිහිටි අපගේ කාර්‍යාලයෙන් ගනුදෙනුකරුවන්ට අවකාශය සලසා දී තිබේ.''
PickMe හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
''John Keells Properties සමාගම සමගින් එක්වී ඔවුන්ගේ විප්ලවීය නව නිවාස ව්‍යාපෘතිය වන, ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය වෙත ඉතා පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. PickMe හි අප, පහසු ප්‍රවාහන විසඳුම් ලබා දීමට කැපවී කටයුතු කරන අතර, විවිධ වූ නිවාස හිමියන්ට ප්‍රධාන බාධකයක් වන ප්‍රවාහන දුෂ්කරතා ඉවත් කිරීමට මෙම සහයෝගීතාවය හරහා අපට හැකියාව ලැබෙනවා. මෙම මූලාරම්භයත් සමගින් මේ පිළිබඳව උනන්දුවක් දක්වන ගැනුම්කරුවන්ට දැන් කොළඹ පිහිටි VIMAN හි ආදර්ශ මහල් නිවහන නැරඹීම සඳහා බාධාවකින් තොරව පැමිණීමට PickMe අවස්ථාව සලසා දෙනවා. එමෙන්ම එහිදී ඔවුන්ට John Keells Properties කණ්ඩායමේ නියෝජිතයින් පහසුවෙන් හමුවීමටත් හැකියාව ලැබෙනවා. මේ හරහා ගැනුම්කරුවන්ගේ නිවාස මිලදී ගැනීමේ කටයුතු ඉතාමත් කඩිනමින් හා පහසුවෙන් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.''
මෙම සහයෝගීතාවය සමගින්, John Keells Properties සමාගම හා PickMe ආයතනය නිවසක හිමිකම ලබා ගැනීම සඳහා වන ගමන් මග සරල කරනවා පමණක් නොව, නිවසක් හිමිකර ගැනීමේ සිහින හඹා යන පුද්ගලයින් හට වටිනා අත්දැකීමක් ලබා දීමටද පහසුකම් සලසානු ලබයි. ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය සඳහා ලබා ගත හැකි පහසු මූල්‍ය විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු 0706 068 068 අංකය මගින් John Keells Properties සමාගම හා සම්බන්ධ වීමෙන් ලබා ගත හැකිය.
John Keells Properties විසින් නිර්මාණය කරන ලද VIMAN නිවාස ව්‍යාපෘතිය
Keells Properties සමාගමේ 'නව ලෝකයන් නිර්මාණය' යන දැක්ම මත පදනම් වෙමින්, ජා-ඇළ පිහිටි 'VIMAN' නිවාස ව්‍යාපෘතිය, අක්කර හයක භූමි ප්‍රමාණයෙන් 65%ක් ම විවෘත අවකාශයන් සහ පහසුකම් සඳහා වෙන් කර ඇති අතර නවීන ජීවන රටාව අරුත් ගැන්වෙන පරදී එහි මනාව සැලසුම් කර ඇති නව මහල් නිවාස සංඛ්‍යාව 418 කි. ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම නිවාස ව්‍යාපෘතිය කොළඹ වරායට පිවිසීමේ අධිවේගී මාර්ගයට ඉතා සමීප ප්‍රවේශයක් ලබා දෙන අතර ජා-ඇළ සහ කොළඹ අතර මිනිත්තු 30 ක පමණ වූ ඉතා පහසු කෙටි ගමන් කාලයක් සහතික කර දේ. සශ්‍රීක වූ හරිත උයනක් කේන්ද්‍ර කර ගනිමින් පිහිටි VIMAN හි භාවනා මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩා පිටි, එළිමහන් ක්‍රීඩාංගණ සහ බයිසිකල් පැදීම හා ඇවිදීම සඳහා වූ මංතීරු ඇතුළුව මනාව සැලසුම් කර ඇති පහසුකම් 15කට අධික ප්‍රමාණයක් සමගින්, පදිංචිකරුවන්ට ජීවත්වීමට සුදුසු පරිසර හිතකාමී වටපිටාවක් සහ පවුල් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර දීමට සමත්ව ඇත. තිරසරත්වය සඳහා කැපවෙමින්, නවීන සුවපහසුව සහ පරිසර හිතකාමී ජීවන රටාවකට ප්‍රමුඛත්වය ලබා දෙමින් VIMAN, බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීමට කටයුතු කරනු ඇත.