September, 4, 2025
ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ අධ්‍යාපන අවශ්‍යතා බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, NDB බැංකුව පසුගියදා රත්නපුර සහ මීගමුව යන ප්‍රදේශ වල ACH Education ආයතනය විසින් සංවිධානය කරන ලද Open Day වැඩසටහන් සඳහා සහභාගී විය. විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඉලක්ක කරගත් මෙම වැඩසටහන් සඳහා සහභාගිවන්නන්ට NDB බැංකුව විසින් පිරිනමනු ලබන සුවිශේෂී මූල්‍ය විසඳුම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින්, ඔවුන්ට ගෝලීය අධ්‍යයන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉතා වටිනා අවස්ථාවක් ලබා දෙන ලදී.
NDB බැංකුවේ Elavate කණ්ඩායමේ නියෝජිතයින් සිසුන් සහ ඔවුන්ගේ පවුල් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින්, විදේශයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය මූල්‍ය අංශය පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත පැකේජයක් වන බැංකුවේ Student File යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. අධ්‍යාපන ණය සහ විදේශ පේ‍්‍රෂණ සහායේ සිට සිසුන් සඳහාම වෙන්වූ උපදේශන සේවා දක්වා, Student File පහසුකම මඟින් සිසුන්ට තම අධ්‍යයන අභිලාෂයන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව අවධානය යොමු කිරීමට ඉඩ සලසන විධිමත් වූ සහ අවසානය දක්වා ස්ථීර විසඳුමක් හිමිකරදෙන සේවාවකි.
ගනුදෙනුකරුවන් සඳහා තවත් පහසුවක් එක් කරමින් සියලූ කටයුතු සඳහා එක් සම්බන්ධතා ස්ථානයක් ලබා දෙමින්, NDB බැංකුව මේ සඳහාම කැපවූ Elavate නිලධාරීන් යොමුකොට ඇත. එම නිලධාරීන් විසින් සිසුන් විදේශගතව සිටින මුළු කාලය පුරාවටම විශ්ව විද්‍යාලයට අවශ්‍ය ගෙවීම් සහ අදාළ වියදම් කළමනාකරණය සිදු කරයි. මෙම සිසුන් සඳහාම වෙන්වූ සේවාව හරහා සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩ මූල්‍ය සහයෝගය සහ මානසික සුවය ලබා දීම සහතික කරයි.
ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන ACH Education ආයතනය සමඟ සම්බන්ධවීම හරහා විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීම්, වීසා සැකසුම් සහ විශ්ව විද්‍යාල තුළ ආරක්ෂිත, නම්‍යශීලී සහ කාලෝචිත බැංකු පහසුකම් පිළිබඳ විශේෂඥ මඟපෙන්වීම සමඟින් සම්පූර්ණ කිරීමට NDB බැංකුව සමත් වේ. මෙම සහයෝගීතාවය මඟින් සිසුන්ට නිවැරදි අධ්‍යයන මාර්ග සොයා ගැනීමට පමණක් නොව, ඔවුන්ගේ විදේශ අධ්‍යාපන සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශය ලබා ගැනීමද සහතික කරයි.
‘ACH Education ආයතනයේ Open Day වැඩසටහන් වලට සහභාගී වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. විදේශයන්හි අධ්‍යාපනය ලැබීම ජීවිතයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් වන අතර, එම අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මූල්‍ය ගමන හැකි තරම් සුමට හා ආතතියෙන් තොර බවට සහතික කිරීමට NDB බැංකුව කැපවී සිටී,’ යනුවෙන් NDB බැංකුවේ Privilege බැංකුකරණ අංශයේ සහකාර උප සභාපති ගිහාන් පුංචිහේවා මහතා මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
මෙවැනි සුවිශේෂී සහයෝගීතා හරහා, ගෝලීය අධ්‍යාපනය තුළින් තම සීමාවන් පුළුල් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස NDB බංකුව අඛණ්ඩව ක්‍රියා කරයි. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය මඟින් සවිබල ගන්වමින් පුද්ගලයන්, පවුල් සහ ප්‍රජාවන් සවිබල ගන්වන අර්ථවත් මූල්‍ය සේවා පිරිනැමීමට NDB බැංකුව නිරතුරුව කැපවී සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2025 Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
