September, 4, 2025
'මෙවර මෝසම් කාලයේ බිත්ති වලින් වතුර කාන්දු වීම නවත්වන්න'
වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු වීම් හා තෙතමනයෙන් ඇතිවන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙයි. එය ඔබේ බිත්ති ආරක්ෂා කරන අතර ඔබේ නිවස නැවුම්, පිරිසිදු සහ අලංකාර ලෙස තබා ගන්නා ඉහළ ක්‍රියාකාරිත්වය කින් යුත් ජලය කාන්දු නොවන තීන්තයකි.
“Nippon Paint Lanka සමාගමේ අපි, ශ්‍රී ලාංකික නිවාස හිමියන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සමත්වී සිටිමු,” යයි Nippon Paint Lanka අධ්‍යක්ෂ ජනරාල් Low Yoon Pak පැවසීය. “අනපේක්ෂිත මෝසම් වැසිවල සිට වෙරළබඩ ප්‍රදේශ දක්වා, අපි අපගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ මෙම ජීවිතයේ අත්විඳින අභියෝග හිතේ තබාගෙනයි. නව්‍යකරණය අප කරන සෑම දෙයකටම මුල් වන අතර, නව Aqua Proof 7 in 1 එහි ප්‍රතිඵලයක්. උසස් ජල ආරක්ෂණ තාක්ෂණය, සුන්දරත්වය සමඟ ඒකාබද්ධ කිරීම හේතුවෙන් අපගේ පාරිභෝගිකයින්ට කිසි විටෙකත් ආරක්ෂාව සහ අලංකාරය අතර තෝරා ගැනීමට ගැටළුවක් වන්නේ නැහැ.”
“පිටත බිත්තිවලින් ඇතුළට කාන්දුවන වතුර ලොකු ප්‍රශ්නයක්,” යයි ඒ මහතා තව දුරටත් පැවසීය. “ඒ හින්දා, ඇතුළත බිත්තිවල පොටි ගැලවීම, පුස් හා ඇල්ගී වර්ධනයවීම වෙනවා. මේ නිසා සෞඛ්‍ය ගැටළු පවා ඇතිවෙන්නත් පුළුවන්.”
“බිත්ති මත ආලේප කරන තීන්තවලින් ජලය කාන්දුවීම වැලැක්වීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා කදිම විසඳුමක් තියෙන්නේ නිපෝන් පේන්ට් හඳුන්වා දුන් Aqua Proof 7 in 1 වලින් තමා. මෙහි විශේෂත්වය වෙන්නේ, ජල විකර්ෂක ගුණයයි. ඒ වගේම තීන්ත පටලය මත ජලය නොරැඳෙන නිසා තීන්ත පටලය මත කුණු-දූවිලි ද රැඳෙන්නේ නෑ. හොඳ ඝණකමට වගේම ඇදෙනසුළු තීන්ත පටලයක් ඇතිවෙන නිසා දැඩි හිරු රශ්මියෙන් වෙන හානි වගේම, පරණ බිත්ති මත ඇතිවන සියුම් ඉරිතැලීම් පවා ආවරණය වනවා. දිලීර හා ඇල්ගී වර්ධනය නොවන නිසා තීන්ත පටලය නිසා ආරක්ෂාව සහ අලංකාරය සහතික වෙනවා.”
ආකර්ශනීය වර්ණ පරාසයකින් දැන් ලබා ගත හැකි නිසා Aqua Proof 7 in 1, වඩාත්ම වැදගත් වන්නේ බිත්ති මතුපිට හොඳ ආරක්ෂාවක් දෙන අතර, ඔබේ නිවසට දැකුම්කළු, දිගුකාලීන නිමාවක් ලබා දීමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සහ ආලේපන සමාගම වන Nippon Paint Lanka සමාගම, සෑම අවකාශයකටම වර්ණ හා ආරක්ෂාව එක් කරන නව්‍ය, තිරසාර විසඳුම් ලබා දීමට කැපවී සිටින සමාගමකි.