JAT Holdings සමාගම, ’Hydro+’ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හදුන්වා දෙයි

    September, 10, 2025

    JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණූ මෙම තීන්ත, ශ්‍රී ලාංකීය නිවාස සහ ගොඩනැගිලි සඳහා බාහිර ආලේපනයන් අතර නව ප්‍රමිතියක් ගොඩනංවයි.

    JAT Hydro+ අධික වර්ෂාව, ඇල්ගී සහ දිලීර වලින් බිත්ති වලට උපරිම ආරක්ෂාව සපයන අතර විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදනය මගින් ඉතා සියුම් ඉරි තැලීම් ආවරණය කරමින් බිත්ති මතුපිට ඝන ආරක්ෂිත පටලයක් සාදා ජලය කාන්දු වීම වළක්වන අතර, මෙම නිෂ්පාදනයේ විශේෂත්වය වන්නේ UV-cross-linking acrylic තාක්ෂණය මගින් සූර්ය ආලෝකයට ආවරණය වූ බිත්ති, කුණූ දුවිලි මගින් ආරක්ෂා කරමින් බිත්ති දිගු කලක් පිරිසිදුව තැබීමයි.

    මේ පිලිබදව JAT Holdings PLC හි අලෙවි අධ්‍යක්ෂ දිල්ෂාන් රොඩ්රිගෝ මහතා පැවසූවේ, “Hydro+ යනු තවත් එක් තීන්ත නිෂ්පාදනයක් පමණක් නෙවෙයි. ලංකාවේ කාලගුණයට ගැලපෙන විදියට සිදුකළ උසස් තාක්ෂණික විසඳුමක්. මෙමගින් නිවාස හිමියන්ට සහ ඉදිකිරීම්කරුවන්ට දිගුකාලීන ආරක්ෂාවක් ලබාදෙනවා’’

    JAT Hydro+ මගින් JAT සමාගම තම නවෝත්පාදන සහ තිරසාර භාවයට ඇති කැපවීම තවදුරටත් තහවුරු වන අතර, එමගින් ලෝක මට්ටමේ තාක්ෂණ ලංකාවට හඳුන්වා දෙමින් දේශීය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනය සදහා සමාගම දරණ උත්සහාය මෙමගින් තහවුරු කරයි.