HNB Finance විසින් ‘‘Bestweb.lk – 2025″ හිදී සම්මානයට පාත්‍රවෙයි

    September, 16, 2025

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB Finance PLC විසින් ‘‘ BestWeb.lk - 2025" සම්මාන උළෙලේදී මූල්‍ය සහ රක්ෂණ (Finance) Insurance) ක්ෂේත්‍රය යටතේ වන සමස්ත ලෝකඩ සම්මානය දිනා ගන්නා ලදී. BestWeb.lk සම්මාන උළෙල මගින් මෙරට විශිෂ්ටතම වෙබ් අඩවි වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන අතර HNB Finance හි www.hnbfinance.lk වෙබ් අඩවිය මෙලෙස සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල් මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුල සමාගම විසින් අත්කරගෙන සිටින පාරිභෝගික විශ්වාසය යලිත් තහවුරු කරමින් මූල්‍ය සහ රක්ෂණ (Finance) Insurance) ක්ෂේත්‍රයේ වඩාත් ජනගත වෙබ් අඩවියට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

    LK Domain Registry සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල සඳහා මෙරට ප‍්‍රමුඛතම සමාගම් රැසක් සම්මාන සඳහා අයදුම් කරන අතර මීට ඉහතදී ද HNB Finance PLC වෙබ් අඩවිය ඇගයුමට පාත‍්‍ර විය. මෙම සම්මාන උළෙල තුළ සම්මාන සඳහා අයදුම් කරන සමාගම් හි වෙබ් අඩවිවල ඇති නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම, පාරිභෝගිකයින්ට පහසුවෙන් සමාගමේ සේවා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව සහ තාක්ෂණික භාවිතාව වැනි සාධක ඇගයුමට ලක් කෙරේ.

    ”දිනෙන් දින වර්ධනය වන විවිධාංගීකරණය වූ පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම පමණක් නොව,අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරනු ලබන වැඩිදියුණු කළ තාක්ෂණික ක‍්‍රමවේද, සහ භාවිතා කරන්නන්ට පහසු අන්දමින් සරලව නිර්මාණය කර තිබීම වැනි කරුණු අතින් අප වෙබ් අඩවිය සෑම විටම ඉදිරියෙන් සිටිනවා. මේ සියල්ලක් තුළින් හැම විටම පාරිභෝගිකයින් වෙත විශ්වාසනීය ගුණාත්මක සේවාවක් ලබා දීම අපගේ අරමුණයි. මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙස විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැලසීම සඳහා උපකාර වන සියලූ සාධකයන් නිසි උනන්දුවකින් සලකා බැලීමට අප උත්සාහ ගැනීම මෙම සම්මානය හරහා සනාථ වෙනවා. එමෙන්ම මෙබඳු ඇගයීම් තුළින් මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ ගුණාත්මක බව අතින් තවත් ඉහළ ස්ථානයන් අත්පත් කර ගැනීමට අවශ්‍ය දිරිය අපට ලැබෙන බව මගේ විශ්වාසයයි” යනුවෙන් HNB Finance හි අලෙවි ප‍්‍රධානි උදාර ගුණසිංහ මහතා පැවසීය.

    මෙම සම්මාන උළෙලෙහි විනිශ්චය මණ්ඩලය මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, වෘත්තිකයින්, ව්‍යාපාර ප‍්‍රධානීන් වැනි විශිෂ්ට කණ්ඩායමකින් සමන්විත විය. සම්මාන සඳහා ඉදිරිපත් වූ සමාගම්වල වෙබ් අඩවි දැඩි ඇගයුම් ක‍්‍රියාවලියකට නතු වූ අතර එහි තාක්ෂණික පසුබිම, නිමාව, තොරතුරු ඉදිරිපත් කිරීම, නිර්මාණකරන තත්වය සහ පාරිභෝගිකයින්ගේ පරිශීලකත්වය වැනි කරුණු මෙහිදී සලකා බලන ලදි. තාක්ෂණික පසුබිම තුළ මෙහි ඇති තාක්ෂණික නිමාව, වෙබ් අඩවියෙහි විවිධ පැති කඩ වෙත ඇතුළු වීමේ පහසුව, තාක්ෂණික සම්මතයන්ට අනුගත වී තිබීම සහ කාර්ය සාධනය මීට අදාළ විය. මෙහි නිර්මාණාත්මක ඇගයුම තුළ වෙබ් පිටුවල නිමාව, පිටු සැකසුම, තත්වය සහ තොරතුරු ප‍්‍රමාණය වැනි කරුණු ඇගයීමට ලක් විය.