සණස ඉතිහාසයේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ‘සණස හීනලන්තය’ දියත් වේ

    September, 19, 2025

    සණස ලයිෆ් හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා එළි දැක්වුණු අතර ඓතිහාසික ගැටබරුව මහා විහාරස්ථානයේ ආශිර්වාදය සහිතව මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ විය. මෙම නව ප්‍රවර්ධන වැඩසටහන හරහා සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව උදා  වේ. දැනටමත් සණස ලයිෆ්‍ හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද  මෙම දිනුම් ඇදීමට සහභාගී විය හැකිය. සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් අඛණ්ඩව වාරික ගෙවීම් තුනක් සම්පූර්ණ කළ පසු දිනුම් ඇදීමට ඇතුළත් වේ. ඉහත සුදුසුකම් සපුරන සෑම රක්ෂණ ඔප්පු හිමියෙකුටම දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන අතර රක්ෂණ ඔප්පුවේ කාලය දිගු වීමත් සමඟ ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාද වැඩි වේ.

    මෙම ප්‍රවර්ධන වැඩසටහනෙන් සෑම මසකම ජයග්‍රාහී පවුල් 4කට සුපිරි වෙළෙඳසැලක සාප්පු සවාරියක් හිමි වන අතර කාර්තුමය වශයෙන් ජයග්‍රාහකයන් 120කට පර්ල් බේ විනෝද උද්‍යානයේ දිනයක් ගත කිරීමේ අවස්ථාව හිමි වේ. තවත් ජයග්‍රාහකන් 36කට ශ්‍රී ලංකාවේ අසිරිය දැක බලා ගැනීමට හෙලිකොප්ටර් චාරිකාවක් හිමි වේ. තවත් ජයග්‍රාහකයන් 56කට තරු පන්තියේ හෝටලයක නවාතැන් ගැනීමේ අවස්ථාව ලැබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාග කාණ්ඩ 4ක් යටතේ පිරිනැමීමට සැළසුම් කර ඇත. ඒ සඳහා ජයග්‍රාහකයන් 20කට අවස්ථාව හිමි වේ. ප්‍රධාන ත්‍යාගයේ පළමු කාණ්ඩයට අදාළ ත්‍යාගය ඉන්දියානු  සංචාරයක් වන අතර දෙවන කාණ්ඩයට අදාළ ත්‍යාගය මැලේසියානු සංචාරයකි. තෙවන කාණ්ඩය යටතේ සිංගප්පූරු සංචාරයක් සහ සිව්වන කාණ්ඩය යටතේ  යුරෝපා සංචාරයක් හිමි වේ. මෙහි සමාරම්භක උළෙල මාතර දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් මාතර සණස ලයිෆ් ශාඛාවේදී පැවැත්විණි.