NDB බැංකුව තර්ස්ටන් විදුහලේ “Knight Ro” අධ්‍යාපනික සහ නවෝත්පාදන ප‍්‍රදර්ශනය සමඟ අත්වැල් බැඳගනී

    September, 19, 2025

    තර්ස්ටන් විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව විද්‍යාල පරිශ‍්‍රයේ පැවැත්වුනු  “Knight Ro” අධ්‍යාපන හා නවෝත්පාදන ප‍්‍රදර්ශනය සමඟ NDB බැංකුව සම්බන්ධ විය. මෙම ප‍්‍රදර්ශනය සිසු දරු දැරියන්, දෙමාපියන්, ගුරුවරුන් සහ මහජනතාව වෙනුවෙන් විවෘතව තබන ලදී. මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අනාගත පරම්පරාවන්ට ආස්වාදයක් ලබා දෙමින් නිර්මාණශීලිත්වය, අධ්‍යාපනය සහ නවෝත්පාදනය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමට මනාව සැකසූ වේදිකාවක් බවට පත්විණි.

    මෙම ප‍්‍රදර්ශනය අතරතුර සුවිශේෂී බැංකු සහකරු ලෙස, අනාගතය සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති යෞවනයන් කේන්ද‍්‍ර කරගත් මූල්‍ය විසඳුම් පිළිබඳව පැමිණ සිටි දරු දැරියන් මෙන්ම දෙමාපියන්ද දැනුවත් කිරීමට NDB බැංකුවට අවස්ථාව හිමි විය. ඉදිරිපත් කරන ලද ප‍්‍රධාන බැංකුකරණ සේවාව අතරට සියල්ල සපිරි ඩිජිටල් බැංකුකරණ වේදිකාවක් වන NDB Pixel ගිණුම, කුඩා කල සිටම ඉතිරි කිරීමේ පුරුද්ද සහ මූල්‍ය සාක්ෂරතාවය දිරිමත් කරන ශිල්ප ළමා ඉතුරුම් ගිණුම සහ ශ‍්‍රී ලංකාවේ අනාගත පරම්පරාවේ අභිලාෂයන් සපුරාලීම සඳහා සකස් කරන ලද Zee තරුණ ගිණුම ද ඒ අතරට ඇතුළත් විය.

    මෙම මුලපිරීම හරහා, NDB බැංකුව නව්‍ය මූල්‍ය මෙවලම් පමණක් නොව, සමස්ත වර්ධනයට දායක වන දැනුම සහ අවස්ථාවන්ට ප‍්‍රවේශය ද ලබා දීමෙන් රටේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කළේය“Knight Ro” ප‍්‍රදර්ශනයේ දී සිසු සිසුවියන්, දෙමාපියන් සහ ගුරුවරුන් සමඟ ක‍්‍රියාකාරීව සම්බන්ධ වීම හරහා බැංකුව ඔවුන් සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් වර්ධනය කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමේදී සෑම විටම සම්බන්ධ වන විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ඔවුන්ගේ ස්ථානය සනිටුහන් කරන ලදී.

    තර්ස්ටන් විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් NDB බැංකුව සුභාෂිංශන එක් කරන අතර අනාගත පරම්පරාවේ නායකයින් නඟා සිටුවීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට උපකාරී වන අධ්‍යාපනික හා නවෝත්පාදනයන් මත පදනම් වූ මුලපිරීම් සඳහා සහාය වීමට සෑම විටම ඇප කැපවී සිටී.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.