September, 23, 2025
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් (2) යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, කිලෝමීටර් 19ක මංතීරු 04කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටස දෙවන පැකේජය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ජාතික තරගකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ.
ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,490.96ක මුදලකට සාරානුකූල ප්‍රතිචාර දැක්වූ අවම ලංසුකරු වශයෙන් M/s Access - WKK බද්ධ ව්‍යාපාරය වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.