September, 26, 2025
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් PLC සමාගම සිය වර්ධනය තහවුරු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල වන ලෙස ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීමට කටයුතු කර ඇත. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 12.5%ක් වන ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය ඉක්මවා යමින්, 47.9 ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් වාර්තා කිරීමට සමත් වූ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම, එමඟින් එම සමාගමේ ස්ථාවරත්වය, නවෝත්පාදන ශක්තිය සහ දිගු කාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා කැප වීම පිළිබිඹු වේ.
2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම, සිය ඉලක්ක ගත මෙන් ම සුරක්ෂිත ණය ලබා දීමේ ක්‍රියාවලිය නිවැරදි ලෙස මෙහෙයවීම හරහා රුපියල් මිලියන 145.13 ක ලාභයක් වාර්තා කිරීමට සමත් විය. එමෙන් ම සිය පරිභෝගික ජනතාව වෙත කාර්යක්ෂම මෙන් ම වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා ලීසිං, ස්ථාවර තැන්පතු, රන් ණය සහ වාහන ණය ඇතුළු ප්‍රධාන සේවා ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම නිරන්තරයෙන් කැප වන බව ද පැවසිය යුතු ම කරුණකි.
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම වර්ධනය කරා මෙහෙයවන නව නායකත්වය මෙසේයි.
මෙම වර්ධනීය ගමන් මඟ පිළිබඳ ව සමාගම පවසන්නේ, “අපගේ ප්‍රාග්ධන ශක්තිය, නව නායකත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදන කෙරෙහි අවධානය යොමු කරමින්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සිය සේවා කළඹ පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස සිය භූමිකාව ප්‍රශස්ත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා” යනුවෙනි.