OrangeIT වෙතින් Intex Aqua Lite ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙයි

    August, 1, 2016

    ශ්‍රී ලංකාවේ Intex Technologies හි ප්‍රධාන හවුල්කරු වන OrangeIT විසින් නවතම Intex Aqua Lite ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන බව නිවේදනය කර සිටී. 1.3 GHz Quad Core ප්‍රොසෙසරයකින්, 512 MB RAM, 4 GB ROM* (මෙහෙයුම් පද්ධතිය හා ඇප්ස් ද ඇතුළත්ව) එන මෙම නවතම ස්මාර්ට් ජංගම උපාංගය ඇන්ඩ්‍රොයිඩ් Lollipop 5.1 සංස්කරණයෙන් ඔබ අතට පත්වනු ඇත. ඡායාරූප ගැනීම, වීඩියෝ නැරඹීම හා සංගීතයට සවන් දීම වැනි ඔබව අමන්දානන්දනයට පත්කරන ඕනෑම දෙයකට Intex Aqua Lite සූදානම්ය. වෙළෙඳපොළේ පවතින මේ හා සමාන අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි හා සැසඳීමේ දී රු. 6,299/- ක් වැනි තරගකාරී මිලකට මෙය මිල දී ගත හැකිය.

    අඟල් 4 ක 1,600k වර්ණ තිරයකින් නිමවා ඇති මෙය 800 x 400 resolution ගෙන දෙනු ලබයි. භාවිත කරන්නාට පහසුවෙන් හා සුමුදු ක්‍රියාකාරීත්වයක් ලබා දීම සඳහා මෙහි ඇති 1.3 GHz Quad Core ප්‍රොසෙසරය හා 512 MB RAM මතකය සමත්වනු ඇත. සිම් දෙකක් භාවිත කළ හැකි මෙය 1400mAh ක පැය 4 ක තරම් දිගු කතා කාලයක් හා පැය 200 ක standby time කාලයක් තහවුරු කරනු ඇත.

    “Intex අප සැමවිටම බලාපොරොත්තු වන්නේ උසස් තාක්ෂණයෙන් එළිදකින හා ඉහළ නිමාවකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ඔවුන් අතට පත්කිරීමයි. Quad Core බලයෙන් සවිබල ගැන්වෙන Intex Aqua Lite ස්මාර්ට් අත්දැකීම් ගණනාවක් ලබා දෙන බව සහතික කළ හැකියි. අපගේ පාරිභෝගිකයින් අතර Intex Aqua Lite සඳහා ඉහළ ඉල්ලුමක් ලැබෙනු ඇති බවට අපට විශ්වාසයි“, යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් Intex Technologies හි ජාත්‍යන්තර වෙළෙඳාම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විශ්වාස් අග්‍රාවාල් මහතා පැවසීය.

    මෙගාපික්සල් 2 ක පසුපස කැමරාවකින් හා මෙගාපික්සල් 2 ක ඉදිරිපස කැමරාවක් Intex Aqua Lite සතුවේ. එබැවින් Intex Aqua Lite භාවිතා කර ඉහළ ගුණත්වයෙන් යුතු gravity, light හා proximity sensors ලාක්ෂණිකයන්ගෙන් පරිපූර්ණ ඡායාරූප ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. smart wake, flip mute, double tap, panorama mode, face detection හා victory gesture වැනි බහුවිධ පරිශීලක භාවිතයන් රැසකින් මෙම Intex Aqua Lite ස්මාර්ට් ජංගම දුරකතනය සමන්විත වේ. මෙය තුළම පිහිටා ඇති 4 GB ROM මතකය විවිධාකාර audio/video නිමැවුම් සඳහා සහාය දක්වන අතර 3G ක්‍රියාකාරීත්වයෙන් මෙය පරිපූර්ණ වේ.

    පසුගිය කාලය තුළ මෙරට වෙළෙඳපොළ වෙත නව නිෂ්පාදිත ගණනාවක්ම හඳුන්වා දීමට OrangeIT පියවර ගන්නා ලදී. මෙම නවතම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් OrangeIT හි කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මෙසේ කියා සිටියේය. “සෑම විටම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට ඉතා උසස් තත්ත්යෙන් යුතු නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට අප ඇපකැප වෙනවා. අපගේ අරමුණ වන්නේ ඔවුන් හට වඩාත් ඉහළ ජීවන මට්ටමක් අත්පත් කර දීමයි. Intex Technologies සමඟ සහයෝගීතාවයෙන් එහි එකම බෙදාහරින්නා වශයෙන් එම අරමුණ කරා යාමට මෙය අප තැබූ තවත් එක් සාර්ථක පියවරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්“.

    නවතම Intex Aqua Lite ස්මාර්ට් ජංගම දුරකතනය Classic Black හා Soothing White යන ආකර්ෂණීය වර්ණ දෙකකින් එළිදකිනු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.intex.in වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. තවද facebook.com/Srilankaintex ෆේස්බුක් පිටුව හරහා සහ @intexsrilanka ට්විටර් ගිණුම් හරහා Intex සමඟින් සම්බන්ධ විය හැකිය.