October, 10, 2025
ශ‍්‍රී ලාංකීය අපනයන ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් NDB බැංකුව මහනුවර දී තවත් සාර්ථක අපනයනකරුවන්ගේ සංසදයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට අපනයන ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන්, ව්‍යාපාර ප‍්‍රධානීන් සහ ප‍්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වූ අතර, ඔවුන් අතර දැනුම හුවමාරු කර ගැනීමට සහ රටේ අපනයන වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ඇති මාර්ග ගවේෂණය කිරීමට අවස්ථාව උදාකර දුණි.
NDB බැංකුව විසින් අඛණ්ඩව පැවැත් වූ ප‍්‍රාදේශීය වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙම සංසදය, ගෝලීය වෙළඳපොළ වෙත තම ප‍්‍රවේශය පුළුල් කිරීම සඳහා බැංකුව විසින් ලබාදෙන මූල්‍ය විසඳුම්, උපදේශන සේවා සහ ප‍්‍රායෝගික දැනුම සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ දැනටමත් අපනයන වෙළඳාමේ නිරත ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා නිර්මාණය කර ඇත. අභියෝග ජය ගැනීමේදී සහ උදාවන අවස්ථා අත්පත් කර ගැනීමේදී අපනයනකරුවන් සඳහා විශ්වාසදායක මූල්‍ය හවුල්කරුවෙකු ලෙස NDB බැංකුවේ සුවිශේෂී කාර්යභාරය ද මෙම වැඩසටහනේ දී අවධාරණය කෙරිණි.
මෙම සැසියේ ප‍්‍රධාන දේශනය පවත්වමින් NDB බැංකුවේ උප සභාපති, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ - ඉන්දික රණවීර මහතා, ශ‍්‍රී ලංකාවේ මෑත කාලීන අපනයන කාර්ය සාධනය සහ මෙම ගමනේදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කළේය. 2025 ජූලි මාසයේදී ශ‍්‍රී ලංකාව වෙළඳ භාණ්ඩ අපනයන වල වාර්ෂිකව 15.37% ක වර්ධනයක් වාර්තා කළද, දේශීය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලින් ජාතික අපනයන සඳහා ලැබෙන දායකත්වය ඉන්දියාව සහ පකිස්ථානය වැනි කලාපීය මිතුරන් සමඟ සසඳන විට 5% ක් තරම් අඩු මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය. මූල්‍ය සඳහා ප‍්‍රවේශය අවම වීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා යොමු කරන ආයෝජන අවම වීම සහ ධාරිතා ගොඩනැගීමේදී ඇතිවන අඩු පාඩු වැනි බාධක රැසක් පිළිබඳව ආමන්ත‍්‍රණය කිරීමෙන් අපනයන සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්හි සහභාගීත්වය වැඩි කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
ශ‍්‍රී ලාංකීය අපනයන වෙළඳාමේ ඉදිරි සැලසුම් සහ ඉදිරි කාර්යපල දර්ශනය පිළිබඳ අදහස් දක්වමින්, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අධ්‍යක්ෂ චාමර ජයලත් මහතා, වෙළඳපල ප‍්‍රවේශය පුළුල් කිරීම, අපනයන ක‍්‍රියාවලීන් විධිමත් කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හැකියාවන් ගොඩනැගීම සඳහා වන ප‍්‍රතිපත්ති ඇතුළුව අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වන ජාතික මුලපිරීම් පිළිබඳව වටිනා අදහස් රැසක් පැමිණ සිටි පිරිස වෙනුවෙන් ඉදිරිපත් කළේය. ඔහුගේ දේශනය මඟින් ගෝලීය වෙළඳ ඉල්ලූම සමඟ අපනයනකරුවන්ට උපකාර කිරීම සඳහා ඇති ආයතනික සහයෝගය පිළිබඳ පුළුල් විග‍්‍රහයක්ද ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට ඉන්දික රණවීර මහතා, NDB බැංකුවේ භාණ්ඩාගාර, සහකාර උප සභාපති සුරිත් ප‍්‍රියවංශ මහතා සහ ව්‍යාපාර බැංකුකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු සහ කලාප ප‍්‍රධානී නිලේන්ද‍්‍ර විතානගේ මහතා විසින් මෙහෙයවන ලද සාකච්ඡුාවක් ද පැවැත්විණි. අස්ථාවර ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිය ව්‍යාපාර දියත් කරන අපනයනකරුවන්ට අත්‍යවශ්‍ය මූල්‍ය උපකරණ සහ අවදානම් අවම කිරීමේ මෙවලම් පිළිබඳ ප‍්‍රායෝගික අවබෝධයක් මෙම සාකච්ඡුා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලදී.
අපනයනකරුවන්ට අත්දැකීම් බෙදා ගැනීමට, ඔවුන්ට ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට සහ NDB බැංකුවේ නිලධාරීන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු ආකර්ෂණීය සාකච්ඡුාවකින් සංසදය අවසන් වූ අතර, සැබෑ ලෝකයේ අභියෝග සඳහා ඇති ප‍්‍රායෝගික විසඳුම් පිළිබඳව පිරිස දැනුවත් විය.
අපනයනකරුවන්ගේ සංසදය වැනි මුලපිරීම් හරහා, NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ අපනයන ව්‍යාපාර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගැලපෙන මූල්‍ය විසඳුම්, උපදේශන සේවා සහ දැනුම හුවමාරුව සඳහා විශ්වාසදායක වේදිකාවක් සැකසීම අඛණ්ඩව සිදු කරයි. සමස්ථ ජාතිය අපනයන ප‍්‍රමුඛ වර්ධන මාවත ඔස්සේ ඉදිරියට යන විට, ශ‍්‍රී ලාංකික ව්‍යාපාර සඳහා අවස්ථා, තරඟකාරිත්වය සහ දිගුකාලීන සාර්ථකත්වය සඳහා උත්පේ‍්‍රරකයක් වීමට NDB බැංකුව ඇප කැපවී සිටී.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.