October, 14, 2025
මෙම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සිග්නේචර් අධ්යක්ෂ අම්ජාඩ් හමීඩ් සහ හමීඩියා කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයින් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ශරීර සුවතා මධ්‍යස්ථානයට, වෘත්තීය පුහුණු සැසි හෝ ක්‍රීඩා කටයුතු සඳහා සුදුසු විලාසිතාමය ඇඳුම් රාශියක් H Sports හි නවතම ක්‍රියාශීලි ඇඳුම් එකතුවෙන් ඉදිරිපත් කර තිබේ.
නැවත දියත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් හමීඩියා කළමනාකාර අධ්යක්ෂ, ෆවුසුල් හමීඩ් මහතා මෙසේ පැවසීය. “H Sports සැමවිටම මිනිසුන්ට වඩාත් හොඳ සෟඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට බලගැන්වීම සඳහා කැපවී සිටිනවා. H Sports පැලවත්ත ශාඛාව නැවත විවෘත කිරීමත් සමඟ, ක්‍රියාශීලීත්වය සහ විලාසිතා යන දෙකම දිරිගැන්වීම සඳහා නිර්මාණය කර ඇති අවකාශයක් අපි නැවත හඳුන්වා දී තිබෙනවා. පාරිභෝගිකයන් හට ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ අත්දැකීමක් සහ හොඳම ක්‍රීඩා ඇඳුම් සමඟ ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයින් පෙළඹවීම අපගේ ඉලක්කයයි.”
ශ්‍රී ලංකාව පුරා පාරිභෝගිකයන් හට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සහ ක්‍රීඩා විනෝදාස්වාද ඇඳුම් වෙත ප්‍රවේශය ලබා දෙමින් H Sports පැලවත්ත අලෙවිසලට අමතරව, කොළඹ 07, රේස්කෝර්ස් ප්රොමනේඩ් සහ L/317, කැන්ඩි සිටි සෙන්ටර්, මහනුවර, යන ස්ථානවලද අලෙවිශාඛා පවත්වාගෙන යයි. www.hameedia.com හි හමීඩියා නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද පාරිභෝගිකයින්ට සම්පූර්ණ H Sports පරාසයේ ඇඳුම් තෝරාගැනීමේ පහසුව සලසා දී තිබේ.