October, 16, 2025
2023 වසරේ සිට කොළඹ අහස යට ජීවන රටා හැඩකරන සුපිරි සාප්පු සංකීර්ණය Havelock City Mall ‘Two Years of Smiles, Happiness, and Shared Joy’ තේමාව යටතේ 2025 ඔක්තෝබර් මාසයේ සිය අභිමානවත් 02 වැනි සංවත්සරය අති උත්සවාකාරයෙන් සැමරීමට සූදානම් වේ. Havelock City Mall හි තේමා පාඨය වන "My Happy Place" අර්ථවත්වන ආකාරයෙන් එහි පැමිණෙන පවුලේ සැමට සතුට පිරුණු තමන්ගේම තැනක් ලෙස හෘද්‍යාංගම ආකාරයෙන් මෙම සංවත්සර සැමරුම සැලසුම්කොට තිබේ. සංවත්සර සැමරුම වෙනුවෙන් සිය හිතවත් පාරිභෝගිකයන්ට කෘතවේදීත්වය පළ කරමින් Havelock City Mall 2025 ඔක්තෝබර් 18 හා 19 දෙදින පුරා දෙස් විදෙස් සුපිරි සන්නාමයන්ගේ පාරිභෝගික භාණ්ඩ සඳහා 30% දක්වා ආකර්ෂණීය වට්ටමක්, ජාත්‍යන්තර ආහාරපාන කුටි රැසක්, සජීවී සංගීත රසය සමග විනෝදාස්වාද අවස්ථා රැසක් ඔබ වෙත තිළිණ කරයි.
Havelock City Mall දෙවෙනි සංවත්සරය පිළිබඳ ඕවර්සීස් රියැල්ටි (සිලෝන්) පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා අදහස් දක්වමින් "වසර 2 ක සාර්ථකත්වය සමරන මේ මොහොතේදී මේ සියල්ලටම හේතු වූ පාරිභෝගික ජනතාව, ගුණාත්මක සේවාවක් සැලසීමට වෙහෙසුණු වෙළෙඳ සමාගම් මෙන්ම සියල්ල පසුපස කැපවීමෙන් කටයුතු කළ අපගේ කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවණීය ස්තූතිය පිරිනමනවා. ඉදිරියේදීත් අපි සියළුදෙනා එකමුතුව Havelock City Mall පාරිභෝගික ජනතාවටත් අපටත් සතුට පිරුණ (My happy place) මගේම තැනක් ලෙස ගොඩනගමු." යැයි පැවසීය.
Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණයේ 02 වැනි සංවත්සර සැමරුම ආරම්භ වන්නේ පසුගිය වසර දෙක පුරා ඉහළම පාරිභෝගික සේවාවක් සැපයූ වෙළෙඳසැල් හා Havelock City Mall සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපීපෙනෙන දස්කම් දැක්වූ සාමාජික සාමාජිකාවන් වෙත ඇගයීම් සම්මාන පිරිනමමිනි. Havelock City Mall වෙත හැව්ලොක්සිටි අපාට්මන්ට් නිවැසියන් සමග ඇති සබැඳියාව තවදුරටත් ශක්තිමත් කරමින් සුවිශේෂී වරප්‍රසාද රැසක් හිමි Loyalty කාඩ්පතක් ද සංවත්සර සැමරුම වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබේ.
මහල් 6 ක් පුරා වර්ග අඩි 200,000 ක සුවිසල් ඉඩකඩක පැතිර පවතින Havelock City Mall හි තම සිතැඟි පරිදි සාප්පු සවාරියේ යමින් දෙස් විදෙස් සන්නාම රැසක විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ දහස් ගණනක් අතරින් තෝරාගැනීමේ නිදහස අත්විඳිය හැකිය.
තරුණ මහලු කාන්තා පිරිමි කාටත් ගැලපෙන ඇඳුම් පැළඳුම් විලාසිතා වෙළෙඳසැල්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හා ගෘහ විදුලි උපකරණ, නිවසට අවශ්‍ය උපකරණ රැසක්, සෞඛ්‍යාරක්ෂාව හා සනීපාරක්ෂාව සඳහා වන භාණ්ඩ, රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය නිශ්පාදන, උදේ දිවා රාත්‍රී ආහාරවේල්, ඔබ කැමතිම දෙස් විදෙස් ආහාර පාන රැසක් පිරිනමන අවන්හල් රැසක් Havelock City Mall හි ස්ථාපිත කොට ඇත.
එළිමහනේ සුව විඳිමින් ආහාරපාන රස විඳීමට කැමති ඔබට Havelock City Mall හි ස්ථාපිත Cheers Garden පරිශ්‍රය නවතම අත්දැකීමක් වනු ඇත. 2023 වසරේ විවෘත කළ අවස්ථාවේ සිට මේ මොහොත දක්වා පාරිභෝගිකයන්ට හුදු භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සැලසීමකින් ඔබ්බට ගොස් සතුට, සැහැල්ලුව සමග වෙනස්ම ආකාරයක වින්දනාත්මක සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් Havelock City Mall නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
අති සුපැහැදිලි දසුන් සමග ප්‍රබල ශබ්දෝපකරණ පද්ධතියකින් සමන්විතව සුපිරි වින්දනාත්මක සිනමා අත්දැකීමක් ලබාගත හැකි ශ්‍රී ලංකාවේ IMAX සුපිරි සිනමා සංකීර්ණය, ක්‍රීඩාවට කැමති ළමුන් සඳහා Wet & Wild Adventure Zone, අති නවීන පන්නයේ වීඩියෝ ක්‍රීඩාවන්ට කැමති ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ AR/VR ගේමින් කලාපය පවුලේ සැමට එක්ව විනෝද වෙමින් අමතක නොවන සොඳුරු මතක රැසක් රැගෙන යන්නට Havelock City Mall තුළ අවස්ථාව ඇත.
කොළඹ බහුතරයක් සාප්පු සංකීර්ණ තුල පැවති සාම්ප්‍රදායික සාප්පු සවාරි සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කරමින් Havelock City Mall ශ්‍රී ලංකාවේ පළමුවරට පාරිභෝගිකයන්ට නවතම රථවාහන දකින්නට සංවිධානය කෙරෙන Elite Auto Show, පවුලේ සැමගේ විනෝදාස්වාදනීය සැණකෙළි අත්දැකීම CarniWOW family carnival, Checkmate blitz චෙස් තරගාවලිය සහ කීර්තිමත් කලාකරුවන් සහ කලාකෘති උදෙසා සංවිධානය කරන ලද "වර්ණ" චිත්‍ර ප්‍රදර්ශනය Havelock City Mall දෙවසරක ගමන්මග තුළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට තිළිණ කළ නවතම අත්දැකීම් වේ.
නොනිදන නගරය ලෙස විරුදාවලී ලත් කොළඹ නගරයේ වෙහෙසකර ජීවන රටාවන්ට තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට සාප්පු සවාරියේ යෙදෙන අතරවාරයේදීම ජීවිතයේ සතුට වින්දනය කිරීමේ සොඳුරු අවස්ථා හිමිකරදෙන හොඳම සාප්පු සංකීර්ණය බවට Havelock City Mall මේ වන විට පත්ව තිබෙන්නේ පාරිභෝගික ආදරය දිනාගනිමිනි.
සංවත්සරික සැමරුම වෙනුවෙන් මෙම සති අන්තයේ ඔක්තෝබර් 18,19 දෙදින තුළ පිරිනමන 30% සුවිශේෂ වට්ටම් හිමිකර ගැනීමටත්, දෙස්, විදෙස් ආහාර සපිරුනු Food Fiesta සහ සජීවී සංගීත අත්දැකීම් ලබා ගැනීමටත් ඔබත් Havelock City Mall වෙත පැමිණෙන්න.
