October, 22, 2025
NDB බැංකුව, විධිමත් අධ්‍යාපනයක් තුළින් ශ‍්‍රී ලාංකීය අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් SJP ග්ලෝබල් (පුද්.) සමාගම සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගැනීම පිළිබඳව නිවේදනය කර සිටියි. විදේශ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථ සඳහා පහසුවෙන් සහ ආරක්ෂිතව ප‍්‍රවේශ වීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් විසඳුමක් වන NDB Student File සේවාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් 2025 අගෝස්තු 27 වන දින අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තබන ලදී.
NDB බැංකුව වෙනුවෙන් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා සහ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ සහකාර උප සභාපති අෂාන් වික‍්‍රමනායක යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, SJP ග්ලෝබල් ආයතනය නියෝජනය කරමින් පරනිතරන් නඩරාජා සහ එවැන්ජලීන් රෙමෝනා ස්ටැනිස්ලෝ යන මහත්ම මහත්මීන් අත්සන් තැබූහ.
මෙම සහයෝගීතාවය හරහා, විදේශ රටවල් වල අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට NDB බැංකුවේ විශ්වාසනීය මූල්‍ය විසඳුම් සහ SJP ග්ලෝබල් ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යාපන මාර්ගෝපදේශකත්වය සමඟ ඒකාබද්ධව කරන විධිමත් ක‍්‍රියාවලියක් හරහා වටිනා ප‍්‍රතිලාභ හිමිවනු ඇත. NDB Student File මඟින් දෙමාපියන්ට සහ සිසුන්ට විදේශ පේ‍්‍රෂණ සහ ගිණුම් කළමනාකරණයේ සිට උපදේශන සේවා දක්වා සියල්ල ආවරණය වන පරිදි එකම තැනකින් බැංකු විසඳුම් සියල්ල ලබා දෙන අතර, බැංකුව විසින් සිසු සිසුවියන්ගේ මූල්‍ය අවශ්‍යතා කළමනාකරණය කරන අතරම ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යයන අභිලාෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ පහසුව සලසයි.
SJP ග්ලෝබල් ආයතනය, එහි GPS-Ed මුලපිරීම හරහා, අඛණ්ඩ සහ විශ්වසනීය විදේශීය අධ්‍යාපන සේවා සැපයීමේ ශක්තිමත් කීර්ති නාමයක් ගොඩනඟා ගෙන ඇත. රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සමඟින්, ශ‍්‍රී ලාංකික සිසුන් සඳහා ගෝලීය අධ්‍යාපන අවස්ථා නිර්මාණය කරදීමේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස මෙම ආයතනය ස්ථාපිත වී ඇත. එහි සේවාවන් අතර එක් එක් පුද්ගලයාට ගැලපෙන පරිදි උපදේශන සහාය, පාඨමාලා සහ විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ මූල්‍ය හා පෞද්ගලික අවශ්‍යතා සඳහා මඟ පෙන්වීම සහ ශ‍්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වෙත ප‍්‍රවිෂ්ඨ වීමේ පහසුකම් සලසයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා පවසා සිටියේ ‘NDB බැංකුවේ අපි, අධ්‍යාපනය, අනාගතය හැඩගැස්වීමේදී වඩාත්ම බලගතු ආයෝජනවලින් එකක් බව තරයේ විශ්වාස කරමු. අපගේ Student File සේවාව සහ SJP ග්ලෝබල් ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, ශ‍්‍රී ලාංකික සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට විදේශීය අධ්‍යාපනය සැබවින්ම බාධාවකින් තොරව සිදු කරන ඒකාබද්ධ බැංකුකරණ සහ උපදේශන අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණයි. මෙම සහයෝගීතාවය තරුණ පරම්පරාව බලගැන්වීම සහ ජාතියේ ප‍්‍රගතියට දායක වීම යන අපගේ දැක්ම සමඟ සමපාත වේ,’ ලෙසයි.
NDB බැංකුව සහ SJP ග්ලෝබල් ආයතනය අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, ශ‍්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනයට ප‍්‍රවේශ වීම සඳහා සුදුසු මාර්ග නිර්මාණය කිරීමේ සහයෝගීතාවයක් නිර්මාණය කරන අතර, මෙම පරිවර්තනීය ගමන් මෙඟ් යෙදෙන සිසු සිසුවියන් සඳහා විශ්වාසදායක මූල්‍ය සහකරුවෙකු ලෙස NDB බැංකුවේ භූමිකාව ශක්තිමත් කරයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.