NDB බැංකුව NBQSA 2025 සම්මාන උළෙලේදී Secure360 2.0 සහ TradeLinc 2.0 සඳහා ද්විත්ව සම්මාන හිමිකර ගනියි

    November, 4, 2025

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය කරා යන ගමන් මෙඟ් පෙරමුණ ගනිමින්, BCS The Chartered Institute for IT (ශ‍්‍රී ලංකා අංශය) විසින් පවත්වනු ලබන 2025 National Best Quality Software සම්මාන උළෙලේදී (NBQSA) ගෞරවනීය ඇගයීම් දෙකක් හිමිකරගන්නා ලදී.

    සයිබර් තර්ජනවලට එරෙහිව බැංකු වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ යාන්ත‍්‍රික ඉගෙනුම (ML) උපයෝගී කර ගනිමින් නව්‍ය විසඳුමක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් NDB බැංකුවේ Secure360 අභ්‍යන්තර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නොවන කාණ්ඩයේ රිදී සම්මානය ලබා ගත්තේය. මෙම ඉදිරි පරම්පරාවේ ආරක්ෂක අවදානම සහ ආරක්ෂක විසඳුම බැංකුවේ ඩිජිටල් යටිතල පහසුකම් හරහා සයිබර් තර්ජන කල්තියා හඳුනා ගැනීම, විශ්ලේෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇත. කෘතිම බුද්ධිය (AI) සහ යන්ත‍්‍ර ඉගෙනීමේ (ML) බලය උපයෝගී කර ගනිමින්, Secure360 බැංකුවේ ආරක්ෂක යාන්ත‍්‍රණයන් වැඩි දියුණු කිරීම සඳහා බුද්ධිමත් අවදානම් සලකුණු කිරීම සහ පුරෝකථන විශ්ලේෂණ සපයයි. ශක්තිමත් ඩිජිටල් ආරක්ෂාවක් පවත්වා ගැනීමට සහ වඩ වඩාත් සංකීර්ණ තර්ජනාත්මක පරිසරයක් තුළ බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂා කිරීම සහතික කිරීමට NDB බැංකුවේ ඇති කැපවීම මෙම වේදිකාව මඟින් නිරූපණය කෙරේ.

    මෙම සාර්ථකත්වයට සමගාමීව, NDB බැංකුවේ ප‍්‍රමුඛතම සැපයුම් දාම මූල්‍යකරණ විසඳුම වන TradeLinc ද පාරිභෝගික කාණ්ඩයේ - බැංකුකරණය, රක්ෂණ සහ මූල්‍ය යන කාණ්ඩ යටතේ ඇගයීමට ලක් විය. TradeLinc හි නව යාවත්කාලීන කිරීමත් සමඟ AI මඟින් බල ගැන්වුන ණය තත්වය විශ්ලේශණය කිරීම, ඇතුළත් වීමේ ක‍්‍රියාවලිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සහ ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා ගනුදෙනු වල සේවා වල කාලය අඩු කිරීම සිදුකර ඇත. අද්විතීය වේදිකාව සැපයුම් දාම ගනුදෙනු වල පාරදෘශ්‍යතාව වැඩි දියුණු කරන, තත්‍ය කාලීන අරමුදල් සැපයීමට පහසුකම් සපයන සහ ශ‍්‍රී ලාංකික ව්‍යාපාර වලට ගැලපෙන නම්‍යශීලී මූල්‍යකරණ විකල්ප සපයන පූර්ණ ඩිජිටල්, ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ විසඳුමක් ලබා දෙයි.

    මෙම අභිමානවත් ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන තොරතුරු නිලධාරී (CIO) ඉන්දික ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘TradeLinc සහ Secure360 මඟින් අපගේ තොරතුරු තාක්ෂණ කණ්ඩායමේ ශක්තිය සහ නවෝත්පාදන හැකියාවන් පෙන්නුම් කරන්නේ අති නවීන ඩිජිටල් විසඳුම් ලබා දීම සඳහා අපගේ ඇති කැපවීමයි. මෙම වේදිකාවල AI සහ ML භාවිතය තාක්ෂණික දියුණුව සහ විශිෂ්ටත්වය සඳහා අපගේ ඇති අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි. ඉහළ කළමනාකාරීත්වයෙන් ලැබෙන නොසැලෙන සහයෝගයෙන් ශක්තිමත් වූ අපගේ කණ්ඩායම් වල කැපවීම සැබවින්ම ප‍්‍රශංසනීයයි. එක්ව, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂා කිරීම කෙරෙහි දැඩිව අවධානය යොමු කරන අතරම ඔවුන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම් අඛණ්ඩව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමු.’

    NBQSA 2025 මෙම සුවිශේෂී ඇගයීම් NDB බැංකුවේ විශිෂ්ටත්වය පිළිබඳ අඛණ්ඩව තවත් වටිනා සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. Secure360, TradeLinc සහ 2024 වසරේ තාක්ෂණික ඔරොත්තු දෙන බැංකුව සඳහා පෙර හිමිවූ ගෞරව සම්මාන ඇතුළුව අඛණ්ඩව වසර ගණනාවක් පුරා සම්මාන කිහිපයක් ලබා ඇති NDB බැංකුව, ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනය සහ විශ්වසනීයත්වය සඳහා මිණුම් සලකුණු තැබීම අඛණ්ඩව සිදුකරගෙන යයි.

    ශ‍්‍රී ලංකාවේ නවෝත්පාදනයන් ගෝලීය තලයට ගෙන යමින්, NDB බැංකුව සිය සම්මානලාභී විසඳුම් වන Secure360 2.0 සහ TradeLinc 2.0, තායිවානයේ පැවැත්වෙන කීර්තිමත් Asia Pacific ICT Alliance (APICTA) සම්මාන 2025 සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරාගෙන ඇති බව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම පිළිගැනීම NDB බැංකුවට එහි අති නවීන තාක්ෂණික දියුණුව ප‍්‍රදර්ශනය කිරීමට හැකි සුවිශේෂී වේදිකාවක් සපයන අතර, දේශීය නවෝත්පාදනයන් ඩිජිටල් බැංකුකරණයේ සහ සයිබර් ආරක්ෂණ විශිෂ්ටත්වයේ ගෝලීය ප‍්‍රමිතීන් සපුරාලන ආකාරය නැවත තහවුරු කරයි.

    තාක්ෂණය, වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ඩිජිටල් ඇතුළත් කිරීම මඟින් බල ගැන්වෙන වඩාත් සුදුසු මූල්‍ය සහ උපදේශන විසඳුම් හරහා පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ මෙහෙවරෙහි NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

     

    ඡායාරූපය - වමේ සිට දකුණට :  එම්.කේ. ශ්‍යාමල් ඉන්දික - NDB බැංකුවේ මෘදුකාංග සංවර්ධන සහකාර කළමනාකරු; රසික සම්පත් - ප‍්‍රධාන කළමනාකරු / ප‍්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී; කේ.වී. විනෝජ් - නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී; ලසන්ත මාතුපාල - සහකාර උප සභාපති IT; කැලූම් එදිරිසිංහ - අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී; ඉන්දික ගුණවර්ධන - උප සභාපති IT/ප‍්‍රධාන තොරතුරු නිලධාරී; සම්පත් කඩුපිටියගේ - ජ්‍යෙෂ්ඨ කළමනාකරු IT  ආරක්ෂක සහ ජාලකරණය; පසිඳු බණ්ඩාර - කනිෂ්ඨ විධායක - IT ආරක්ෂක; ඉසුරු රාජගුරු - SOC කළමනාකරු, රොෂාන් කාලිංග - නියෝජ්‍ය කළමනාකරු - මෘදුකාංග සංවර්ධන.