November, 11, 2025
ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ උපදේශක ඉංජිනේරුවරයෙකු වන දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (10) දින ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 77 හැවිරිදි වියේ පසුවිය.
දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා, සිංගප්පූරුව ගොඩනැගීමට නායකත්වය දුන් අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ මුල් කණ්ඩායමේ සාමාජිකයෙකු වේ. එහිදී 1979 වසරේ දී සිංගප්පූරුවේ පිහිටුවනු ලැබූ පළමු උපදේශක ඉංජිනේරු සමාගමේ පළමු ඉංජිනේරුවරයා වන්නට දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතාට අවස්ථාව ලැබී තිබුණි.
“මම 1979 දී සිංගප්පූරුවට ගියා. එහේ පුද්ගලික සමාගමක් සමග සම්බන්ධ වී සිටින අතරවාරයේ දී සිංගප්පූරු රජයට අවශ්‍ය වුණා උපදේශක ඉංජිනේරු සමාගමක් පිහිටුවන්න. ලංකාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වගේ සමාගමක් පිහිටුවන්න අවශ්‍ය වුණා. මම එහි පළමු ඉංජිනේරුවරයා වශයෙන් සම්බන්ධ වුණා. ආරම්භයේ දී එහි ඉංජිනේරුවන් දෙන්නයි හිටියේ. ඒ දවස්වල සිංගප්පූරුව ඉංජිනේරු අංශයෙන් ලංකාව තරම් දියුණු වෙලා තිබුණේ නැහැ“, යනුවෙන් 2015 වසරේ දී අද දෙරණ Biz හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේය.
ඒ මහතාගේ දේහය අද (11) දින සිට නොවැම්බර් මස 13 දින උදෑසන 9.30 දක්වා ගම්පහ යක්කල පාරේ පූගොඩ වලව්ව ‘ග්‍රීන් ගාර්ඩ්න්‘ හි තැන්පත් කර තිබෙන අතර එදින උදෑසන 9.30ට නිවසින් පිටත්ව බොරැල්ල ‘ජයරත්න රෙස්ට්පෙක්ට් හෝම්‘ වෙත රැගෙන යාමෙන් පසු එදින සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
2015 වසරේ දී දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා අද දෙරණ Biz සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
