November, 18, 2025
වසර 51කට වැඩි කාලයක් පුරා Canon නිෂ්පාදන සඳහා මෙරට එකම බලය ලත් බෙදා හරින්නා වන Metropolitan Technologies පෞද්ගලික සමාගම සංවිධානය කළ Canon Metropolitan හවුල්කාරිත්ව සම්මාන රාත්‍රිය 2024/25 පසු ගිය දා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක ගණනාවක් පුරා මෙරට මුද්‍රණ යන්ත්‍ර සහ ඒ ආශ්රිත උපාංග අලෙවි ක්ෂේත්රයේ පුරෝගාමියා වන Metropolitan සහ Canon සන්නාම අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය ඒ තුළින් වඩාත් තහවුරු විය. Canon Singapore පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු උමෙටෝ හිරෝකි සහ Metropolitan Technologies සමාගමේ නියෝජ්‍ය සභාපති අයිවර් මහරුෆ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සම්මාන රාත්‍රියට Metropolitan Technologies සමාගමේ අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී අලි අස්ගර් රොෂනාලි මහතා ඇතුළු තවත් ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
සම්මාන රාත්‍රිය අතරතුර අදහස් දක්වමින් උමෙටෝ හිරෝකි මහතා පැවැසුවේ Metropolitan සමාගම හරහා පසු ගිය වසරේ මෙරට මුද්‍රණ යන්ත්‍ර සහ ඒ ආශ්රිත උපාංග වෙළෙඳපොළේ 61%ක් වැනි දැවැන්ත කොටසක් අත් පත් කර ගැනීමට Canon සන්නාමයට හැකි වූ බවයි. Canon සහ Metropolitan සන්නාම සතු පාරිභෝගික විශ්වාසය, ශක්තිමත් වෙළෙඳපොළ හිමිකාරිත්වය සහ අලෙවි නියෝජිත ජාලය ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ඔහු සඳහන් කළේය. Canon සන්නාමය ගෝලීය වශයෙන් සහතික කර ඇති කාර්යසාධනය, නව්‍යකරණය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ ප්‍රමිති තව දුරටත් ඔසවා තැබීම සඳහා Metropolitan සමාගම සතු කැප වීම ඔහුගේ පැසසුමට ලක් විය. Metropolitan Technologies වෙනුවෙන් අදහස් දැක්වූ අලි අස්ගර් රොෂනාලි මහතා Canon සමාගමටත්, දිවයින පුරා විසිරී ඇති අලෙවි නියෝජිත ජාලයටත් කෘතඥතාව පළ කළේය. ඔහු සඳහන් කළේ Metropolitan සමාගම තව දුරටත් අලෙවි නියෝජිතයන් බල ගැන්වීම, පාරිභෝගිකයන් සඳහා වඩා යහපත් අත් දැකීමක් සහතික කිරීම සහ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළැපෙන ගෝලීය ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් කැප වන බවයි. අලෙවි නියෝජිතයන් පෙන්නුම් කළ විකුණුම් වර්ධනය, සේවා විශිෂ්ටත්වය සහ සන්නාමය වෙනුවෙන් ඇති කැප වීම අගයමින් සම්මාන 27ක් පිරිනමන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අනෙකුත් ව්‍යාපාර ආයතන වෙනුවෙන්ම හඳුන්වා දෙන ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුතු 4-in-1 MegaTank මාදිලියේ මුද්‍රණ යන්ත්‍රයක් වන Canon MAXIFY GX7070 එළි දැක්වීමද එහිදී සිදු විය. Pigment-based ink තාක්ෂණය සමඟ එන එම මුද්‍රණ යන්ත්‍රයෙන් කාර්යක්ෂමව සහ සුපැහැදිලි මුද්‍රිත පිටපත් ගත හැකිය. ව්‍යාපාර ලේඛණ සහ වෙනත් වෘත්තීය මට්ටමේ ලේඛණ මුද්‍රණය කිරීමට එය වඩාත් සුදුසු වේ. Metropolitan MCentre ශාඛා සහ දිවයින පුරා පිහිටි අනෙකුත් බලය ලත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙතින් සහ https://mcentre.lk/ වෙතින් Canon නිෂ්පාදන මිල දී ගත හැකිය.
Video Story