November, 18, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සල් ජාලයක් වන Softlogic GLOMARK, සුපිරි වෙළෙඳසල් හරහා සිදුකරන භාණ්ඩ අලෙවියේ සුවිශේෂී පෙරළියක් සිදුකරමින්, "ගෙට BETTER LIFE" (A Better Life to Home) නවතම සංකල්පය එළිදක්වන බවට සතුටින් දැනුම් දෙයි. ඒ පිළිබඳ දැනුම්දීමේ විශේෂ උත්සවය, පසුගියදා කොළඹ NH Collections හි පැවැත්වුණු අතර, GLOMARK හි මෙම සුවිශේෂී පරිවර්තනය, ජනතා යහපැවැත්ම උදෙසා වූ භාණ්ඩ අලෙවිය සඳහා මගපාදන ශ්‍රී ලංකාවේ ප්‍රථම සුපිරි වෙළඳසැල් ජාලය ලෙස එහි සාර්ථක විකාශනයද සනිටුහන් තබයි.
මෙලෙස නව සන්නාමකරණ වෙනස සමගින් එන GLOMARK, සිය සුපිරි වෙළෙඳසල් ජාලය හරහා භාණ්ඩ අලෙවියේ සිට ජනතා සුබසිද්ධිය අරමුණු කරගත් අලෙවිය දක්වා යහපත් අරමුණු සහිත භාණ්ඩ අලෙවිය දක්වා ක්‍රමවේදීය වෙනසක් කරා යොමු වෙයි. ඒ අනුව, ප්‍රණීත ආහාර අලෙවිය, සෞඛ්‍යයට හිතකර ආහාර දක්වාත්, පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි අත්දැකීම, ඔවුන් සවිබල ගැන්වීමට දක්වාත් සුවිශේෂී වෙනසකට බඳුන් කරයි. එම වෙනස සිදුකරන GLOMARK, පාරිභෝගිකයින්ගේ සුවපහසු ජීවිතයට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සම්පූර්ණ යහපැවැත්ම සඳහා ඉවහල් වන නිෂ්පාදන පෙළක් සමගින් ඉහළම සුපිරි වෙළෙඳ සල් අත්දැකීමක් ඔවුන්ට පිරිනමයි.
ගෙට BETTER LIFE සංකල්පය සමගින් GLOMARK සිදුකරන වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ODEL සහ GLOMARK හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරී ඕ’කොනර් මහතා, “ගෙට BETTER LIFE' අපගේ පාරිභෝගිකයින්ගේ ජීවිත රටාවන් තුළ අප සිදුකරන සුබවාදී බලපෑම පිළිබඳ ආවර්ජනයක්” යනුවෙන් සඳහන් කළේය. “අප සාමාන්‍ය සුපිරි වෙළඳසලක කාර්යභාරය ඉක්මවා පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කිරීමට සූදානම්. ඒ අනුව, සෑම පාරිභෝගිකයකුගේම පවුලේ ජීවන තත්ත්වය වඩාත් ඉහළ නැංවීමට ඉවහල් වන දැනුම, ඔවුන්ගේ සූක්ෂම තෝරාගැනීම් සඳහා බලපාන නිෂ්පාදන මෙන්ම හොඳම අත්දැකීම් අපි ලබාදෙනවා. එයින් අදහස් වන්නේ, පාරිභෝගිකයින්ගේ පවුලේ යහපැවැත්ම ඉහළ නංවන පරිදි බුද්ධිමත් තීරණ ගැනීම සඳහා දැනුවත් කරමින්, ඔවුන් තොරතුරුවලින් සවිබල ගැන්වීමයි.” යනුවෙන් පැවසීය.
"ගෙට BETTER LIFE" සංකල්පය මගින් විදහා දැක්වෙන්නේ, පාරිභෝගිකයින් සෞඛ්‍යය යහපැවැත්ම, ක්‍රියාකාරිත්වය සම්බන්ධයෛන් මුල්තැන දෙන නිෂ්පාදන සඳහා මෙන්ම, ඔවුන්ගේ බුද්ධිමත් තීරණ සඳහාද ප්‍රමුඛත්වය ලබාදෙන යහ අරමුණු සහිත භාණ්ඩ අලෙවියක් තුළින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ පවුල්වල ජීවන රටාව වඩාත් උසස් කිරීමට GLOMARK හි කැපවීමයි. පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම උදාකරමින්, ඔවුන්ගේ සුපිරි වෙළෙඳසල් අත්දැකීම වඩාත් අර්ථවත් අත්දැකීමක් බවට පත්කරන මෙම නවතම අලෙවි ක්‍රමවේදය, ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල් හරහා සිදුකරන භාණ්ඩ අලෙවියේ අනාගත පුරෝගාමියා ලෙස GLOMARK ස්ථානගත කිරිමටද සමත් වෙයි.
මෙම නව සන්නාමකරණය වෙත පිවිසෙන GLOMARK, එම කටයුත්තේ එක් පියවරක් ලෙසින්, තම සුපිරි වෙළෙඳසල් ජාලය හරහා ශ්‍රී ලංකාවේ ළමුන්ගේ යහපැවැත්ම උදෙසා කටයුතු කරමින්, ඒ සඳහාම වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා කතාන්දර පොත ලෙසින් "ගෙට Better Squad" ද හඳුන්වාදෙන ලදී. චිත්‍රකතා ශෛලියට අනුව ලියා ඇති මෙම පොතෙන් වීරයන් කණ්ඩායමක් ලෙසින් ළමුන් හමුවට එන්නේ, පෝෂණ ගුණයෙන් පිරිපුන්, සෞඛ්‍ය යහපැවැත්මට අනුබල දෙන කණ්ඩායමකි. එම වීරයන් කණ්ඩායම සෞඛ්‍යයට අහිතකර ආහාර සමඟ සටන් කර, පෝෂණීය ආහාර ජයග්‍රහණය කරවන්නේ, සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීම ළමුන්ට වඩාත් විනෝදජනක මෙම ඔවුන් වඩාත් හුරු අත්දැකීමක් බවට පත්කරමිනි. පෝෂ්‍යදායී ආහාර ළමුන්ගේ සුපිරි වීරයින් බවට ඔවුන් තුළ අලුත් පරිකල්පනයක් ඇති කරන මෙම කතා පොත, ගුණදායක ආහාර ලබාගැනීමට ළමුන්ගේ පවතින මැලිකම පසෙකලා, වඩාත් හොඳ ආහාර පුරුදු ආසාවෙන් වැලඳ ගැනීමටද ඔවුන් පොළඹවයි.
Video Story