November, 19, 2025
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි, ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කරන මෘදුකාංග සංවර්ධන සමාගමක් වන Global Synergy Tec පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙල දියත් කරයි. කර්මාන්ත රැසක් නියෝජනය කරන ශ්‍රී ලාංකික සමාගම්වල ව්‍යාපාර විශිෂ්ටත්වය, නව්‍යකරණය, ව්‍යාපාර ක්ෂේත්‍රයේ නායකත්වය ඇගැයීම එහි අරමුණයි. උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට සහ සමාගම්වලට ඒ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සළසා දී තිබේ. සම්මාන උළෙල 2026 පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන සුවිශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත එය රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ විනෝදාත්මක වැඩසටහන් ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වේ.
නවෝත්පාදකන් සහ ව්‍යවසායකයන් එකිනෙකා සමග සම්බන්ධ කිරීම, දැනුම හුවමාරු කර ගැනීම, සාර්ථකත්වය සැමැරීම සඳහා වන වේදිකාවක් වන Global Synergy Awards වාර්ෂිකව පැවැත්වෙනු ඇත. සම්මාන පිරිනැමීම ගුණාත්මකභාවය පිළිබඳව සහතිකයක් නොවන බවත්, එය විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය ඇගැයීමට ලක් කිරීමක් බවත් සංවිධායක මණ්ඩලය සඳහන් කළේය. ගෞරවනීය ශ්‍රී ලාංකිකයන්ට පිරිනැමීමට නියමිත යාවජීව Luminary සම්මාන, ජනප්‍රිය කලාකරුවන්ට පිරිනැමීමට නියමිත සම්මාන, විශිෂ්ටතා සම්මාන වශයෙන් සම්මාන වර්ග කිහිපයක් හඳුන්වා දී තිබේ. ව්‍යවසායකයන්ට සහ සමාගම්වලට විශිෂ්ටතා සම්මාන පිරිනැමීමට නියමිතය. අධ්‍යාපන හා පුහුණු, සංචාරක, ඉදි කිරීම් හා නිවාස, රූපලාවණ්‍යය හා සත්කාර, ආහාර පාන ඇතුළු ක්ෂේත්‍ර 18කට අදාළව එම සම්මාන පිරිනැමෙනු ඇත. අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධ වී ක්‍රියාත්මක කිරීමට නියමිත සුවිශේෂ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් සඳහා ජයග්‍රාහී ව්‍යවසායකයන් සහ සමාගම් සම්බන්ධ කර ගැනීමටද නියමිතය. අර්ථවත් සමාජ සත්කාර සඳහා ඔවුන් යොමු කිරීම එහි අරමුණයි. Global Synergy ව්‍යාපාර සඟරාවේ මංගල කළාපයද සම්මාන උළෙලට සමගාමීව එළි දැක්වීමට නියමිතය. Gold Package යටතේ සහභාගී වන ව්‍යවසායකයන් සහ සමාගම් පිළිබඳ විශේෂාංග ලිපිද ඊට ඇතුළත් වේ. [www.globalsynergyawards.com] (http://www.globalsynergyawards.com) වෙබ් අඩවිය වෙත පිවිස හෝ +94715280300 / +94715380300 දුරකතන අංක ඔස්සේ Global Synergy ලේකම් කාර්යාලය සම්බන්ධ කර ගෙන වැඩි විස්තර ගත හැකිය.

ඡායාරූපය - රුක්ෂානා දිසානායක (සන්නාම කළමනාකාරිනී - Global Synergy awards 2026)
Video Story