November, 21, 2025
ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත.
මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් විසින් අලෙවි කරන දේපලවලට මිලදී ගැනීමේ මිලෙන් 100% ක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙන අතර ත්‍රෛපාර්ශවික ගිවිසුම් හරහා ගැනුම්කරුවන්ට ආරක්ෂාව සහ පහසුව සහතික කරයි.
කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ට නිවාස ණය ක්ෂේත්‍රයේ සේවය කරමින් පුළුල් පරාසයක විහිදුනු නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම, තරඟකාරී පොලී අනුපාත සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සේවා ප්‍රමිතීන් වලින් තම සේවාවන් ශක්තිමත් කර ඇත.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙම නව හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් “අපගේ අරමුණ විශ්වාසදායක පාර්ශවකරුවන් සමඟ කටයුතු කිරීම හරහා ශ්‍රී ලාංකිකයින්ට නිවසක හිමිකාරීත්වය වෙනුවෙන් අවස්ථා පුළුල් කිරීමයි. හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් අපගේ නිවාස ණය සේවාවන් අඛණ්ඩව වර්ධනය වෙමින් ගනුදෙනුකරුවන් විශාල පිරිසකට සේවය කිරීමට මෙන් ම විවිධ පාරිභෝගික ඛණ්ඩ වෙත ළඟා වීමට අපට ඉඩ ප්‍රස්තාව ලබා දෙයි,” යනුවෙන් පැවසීය.
හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ නලින් හේරත් මහතා ප්‍රකාශ කළේ “මෙම මුලපිරීම හරහා කොමර්ෂල් බැංකුව සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබීම පිළිබඳ ව අප සතුටු වනවා. මෙමඟින් නිවසක් මිලදී ගැනීමට හෝ ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට පුළුල් අවස්ථා ලබා දීමට හැකි වන අතර නවීන ජීවන රටා අවකාශයන් නිර්මාණය කිරීමේ අපගේ මෙහෙවර ඉදිරියට ගෙන යා හැකි වනවා,” යන්නයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ හෝම් ලෑන්ඩ්ස් හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ නලින් හේරත් මහතා, අධ්‍යක්ෂිකා හර්ෂණී ඉනෝකා කුමාරි හේරත් මහත්මිය, හෝම් ලෑන්ඩ්ස් හි විධායක අධ්‍යක්ෂිකා දිනිති අමායා හේරත් මහත්මිය සහ කොමර්ෂල් බැංකුවේ නියෝජිතයින් ඉදිරියේ දී ගිවිසුම හුවමාරු කරගැනීමේ අවස්ථාව.
Video Story