Evolution Auto ශ්‍රී ලංකාවේ නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරයි

    November, 27, 2025

    ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී.  ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින් තොරව විද්‍යුත් වාහන පිරික්සා බලමින්, පරීක්ෂණ මට්ටමේ ධාවන සිදු කරමින් එම වාහන මිල දී ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම වෙනුවෙන් මෙම ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ.

    එමෙන්ම මෙම ප්‍රදර්ශනාගාරය හුදෙක් අලෙවි නියෝජිත ආයතනයක් පමණක් නොවී දේශයේ පරිසර හිතකාමී ප්‍රවාහනය ප්‍රවර්ධනය කරමින්, නව රැකියා අවස්ථා ද නිර්මාණය කරමින්, මෝටර් රථ අංශයේ තාක්ෂණික වර්ධනය ද ඉදිරියට රැගෙන යාමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මූලාරම්භයක් ලෙස ද සැලකිය හැකි.

    ඒ අනුව කුරුණෑගල ස්ථාපිත කරන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය තුල Changan වෙතින් Avatr, SAIC Motor වෙතින් IM Motors, Xpeng, Geely Auto Group වෙතින් Riddara, King Long සහ KYC විද්‍යුත් වෑන් වැනි ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාහන දක්නට ලැබෙන අතර, මේ නිසා ඕනෑම පාරිභෝගිකයකුට සිය අවශ්‍යතාව අනුව විද්‍යුත් වාහනයක් මිලට ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

    මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විරාන් ද සොයිසා මහතා මේ පිළිබඳ ව මෙලෙස සිය අදහස් පළ කළේ ය;

    "කුරුණෑගල දී මෙම ප්‍රමුඛ පෙළේ Evolution Auto ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශ ආවරණය වන පරිදි විද්‍යුත් වාහන මිල දී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් අපි අලුත් බලාපොරොත්තුවක් ලබා දීමට සමත් වුනා. අපේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විද්‍යුත් වාහන සිහිනය සමඟ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් මෙන්ම විශේෂඥ මග පෙන්වීමක් ද ලබා දෙමින් ඔවුන්ට සම්පූර්ණ සහාය ලබා දීමට අපි කැප වී සිටිනවා. එමෙන්ම මෙම ප්‍රදේශයේ වාහන පිළිබඳ ඉහළ ගෞරව නාමයක් දිනා ඇති New Jayasekara Auto Motors ආයතනය සමඟ ඇති කරගත් මෙම සබඳතාව මගින් අප පාරිභෝගිකයින්ට කිසිදු ගැටලුවලින් තොරව තම වාහන වෙනුවෙන් අලෙවියෙන් පසුව ද ඉහළ සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.”

    මීට අමතරව මෙම අවස්ථාවට සම්බන්ධ වූ New Jayasekara Auto Motors ආයතනයේ ආයතන ප්‍රධානී සුනිල් ජයසේකර මහතා විසින් මේ පිළිබඳ ව මෙසේ සිය අදහස් පළ කළේය;

    "Evolution Auto ආයතනය සමඟ එක් වී මෙම නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගලට ගෙන ඒමට ලැබීම අපට ගෞරවයක්. New Jayasekara Auto Motors ආයතනය වසර 48කට අධික කාලයක් තිස්සේ කුරුණෑගල කලාපයේ ක්‍රියාත්මක වන අතර, අලෙවියෙන් පසු සේවා ලබා දීමේ ප්‍රමුඛතම යා ලෙස අපි දඹුල්ල දක්වා අපගේ ප්‍රවේශය පුළුල් කර තිබෙනවා. මෙම හවුල්කාරිත්වයත් සමඟ අපගේ ඉලක්කය වන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ New Jayasekara Auto Motors පිළිබඳ විශ්වාසය තැබූ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට උසස්, විශ්වසනීය සේවාවක් ලබා දෙමින් දේශීය වශයෙන් විද්‍යුත් වාහන සඳහා වඩා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීමයි.”

    Evolution Auto විසින් සිය දෙවැනි විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය මෙසේ විවෘත කිරීමත් සමඟින් ම ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන මිල දී ගැනීමට සහ සේවා සැපයීම වෙනුවෙන් ඇති ප්‍රමුඛතම ආයතනය බව නැවත වරක් තහවුරු කිරීමට සමත් වී ඇත.

    ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රමුඛතම විද්‍යුත් වාහන දැන් 'අංක 485, කුරුණෑගල-පුත්තලම පාර, කුරුණෑගල' පිහිටි Evolution Auto බහු සන්නාම විද්‍යුත් වාහාන ප්‍රදර්ශනාගාරයෙන් මිල දී ගත හැකියි. එමෙන්ම මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට 077 390 6303 දුරකථන අංකය හරහා කාංචන අමතන්න.