December, 1, 2025
NDB බැංකුව තේ නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට සහ තේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙලඳපොල වෙත ගෙන යාමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත මූල්‍ය විසඳුමක් වන තේ නිෂ්පාදක මූල්‍ය වැඩසටහන හඳුන්වාදීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ අපනයන සහ නිෂ්පාදන අංශ බල ගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි.
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කර්මාන්ත වලින් එකක් ලෙස, තේ කර්මාන්තය රටේ ආර්ථිකයේ ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. දහස් ගණනකගේ ජීවනෝපායන් තිරසාර කරමින් සහ ශ‍්‍රී ලාංකීය තේ වල ඇති අසමසම ගුණාත්මකභාවය සඳහා ගෝලීය පිළිගැනීමක් ද හිමිව ඇත. මෙය තහවුරු කිරීමක් ලෙස, තේ නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට ඵලදායිතාව, ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා NDB බැංකුව විසින් මෙම මූල්‍ය වැඩසටහන හඳුන්වා දී ඇත.
මෙම යෝජනා ක‍්‍රමය යටතේ, ව්‍යාපාර ලබා ගන්නා මිල අධික කෙටි කාලීන ණය ගැනීම් අවම කිරීම සඳහා අඩු පොලී අනුපාතයන් යටතේ අරමුදල් වලින් ප‍්‍රතිලාභ ලබා ගත හැකි අතර, භාණ්ඩ ලැබීමේ සටහන් (GRN) මත පදනම් වූ ක්ෂණික ණය ලබාදීම් සහ අවම ලියකියවිලි යටතේ බාධාවකින් තොරව ප‍්‍රවේශ වීමේ පහසුව සලසයි. මෙම වැඩසටහන නම්‍යශීලී බව මූලික කොටගෙන නිර්මාණය කර ඇති අතර, ඕනෑම පරිමාණයක තේ කර්මාන්තශාලා වලට ඔවුන්ගේ මෙහෙයුම් අවශ්‍යතා අනුව කාරක ප‍්‍රාග්ධනය හෝ දිගු කාලීන මූල්‍යකරණයට ප‍්‍රවේශ වීමට හැකි වේ.
මෙම නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප‍්‍රධානී, උප සභාපති ඉන්දික රණවීර මහතා මෙසේ පැවසීය. ‘ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය සැමවිටම අපගේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කුළුණකි. තේ නිෂ්පාදක මූල්‍ය වැඩසටහන හරහා, නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර ගෝලීය වශයෙන් නවීකරණය කිරීමට, නවෝත්පාදනය කිරීමට සහ තරඟ කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීම අපගේ අරමුණයි. ඔවුන් වෙහෙස මහන්සි වී නිෂ්පාදනය කරනු ලබන තේ දල්ල, එම ව්‍යාපාරිකයින්ට තිරසාර සහ සමෘද්ධිමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කිරීම අපගේ අභිප‍්‍රායයි’
මෙම වැඩසටහන NDB බැංකුවේ පුළුල් දැක්ම සමඟ සමපාත වන අතර, සැමට ප‍්‍රවේශ විය හැකි සහ යහපත් අරමුණු මත පදනම් වූ මූල්‍ය විසඳුම් හරහා ශ‍්‍රී ලාංකික අපනයනකරුවන් සහ නිෂ්පාදකයින් සවිබල ගැන්වීමට කැපවී සිටී. වසර ගණනාවක් පුරා, ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා SME Re-Energizer ණය යෝජනා ක‍්‍රමය, හරිත කර්මාන්ත ප‍්‍රවර්ධනය කරන E-Friends II ප‍්‍රතිමූල්‍යකරණ පහසුකම සහ ගෝලීය වෙළඳපොළට ප‍්‍රවේශ වීම සඳහා ව්‍යාපාර දැනුවත් කිරීම සහ එම ව්‍යාපාරිකයන් සන්නද්ධ කිරීම අරමුණු කරගත් දිවයින පුරා පවත්වන අපනයනකරුවන්ගේ සංසද මාලාවක් වැනි මුලපිරීම් කිහිපයක් බැංකුව විසින් දියත් කර ඇත.
මෙම උපායමාර්ගික ප‍්‍රයත්නයන් හරහා, NDB බැංකුව ශ‍්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව රැඳී සිටින අතර, අපනයන ආදායම වැඩි කිරීමට පමණක් නොව තිරසාර ආර්ථික වර්ධනයට සහ ජාතික සංවර්ධනයට දායක වන කර්මාන්ත සඳහා හැකියාව ලබා දෙයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.
Video Story