December, 3, 2025
උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින්, සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards, තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළඳසැල් වෙතින් 60% දක්වා සුවිශේෂී වට්ටම් ලබා දීමට කටයුතු යොදා තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් පාරිභෝගිකයින්ගේ ජීවන රටාවන්ට වැඩි වටිනාකමක් එකතු කරන පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් ලෙස සම්පත් බැංකුවේ ස්ථාවරත්වය වැඩිදුරටත් කැපී පෙනේ. එමෙන්ම බෙදාහදා ගැනීම් සහ සාමුහික අවස්ථාවන්ගෙන් හැඩ වන මෙම උත්සව සමයේ දී සාප්පු සවාරි, ආහාරපාන සහ නිවාඩු අත්දැකීම් පහසුවෙන් විඳගැනීමට ඇති වඩාත් ප්‍රියතම ගෙවීම් තේරීම වශයෙන් SampathCards පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - දත්ත විශ්ලේෂණ, දර්ශින් පතිනායක මහතා මෙසේ පැවසීය. ‘‘මිහිරිතම මතකයන් සදා මතකයේ රැඳෙන්නට යන තේමාව පාදක කරගනිමින් මෙම උත්සව සමයේදී අපගේ ගනුදෙනුකරුවන්ට අමතක නොවන අත්දැකීමක් ළඟා කර දීම සම්බන්ධයෙන් අප සතුටට පත් වෙනවා. උත්සව සමය අවසන් වූ පසුවද බොහෝ කාලයක් මතකයේ රැඳෙන ප්‍රීතිමත් අවස්ථාවන් බෙදා හදා ගැනීමට සහ ගොඩනගා ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. සෑමවිටම අප මෙවැනි උත්සව දීමනාවන් ලබා දීමට මුල පුරන්නේ අපගේ විශ්වසනීය ගනුදෙනුකරුවන්ගේ සුවපහසුව පෙරදැරි කරගෙනය. එබැවින් මෙම උත්සව සමයේ දී සිදු කරනු ලබන සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කරමින් ඊට ප්‍රීතිමත් වටිනාකමක් එකතු කිරීමට හැකිවීම තුළින් සම්පත්කාඩ්ස් ගනුදෙනුකරුවන්ගේ විශ්වසනීය සහකරුවෙකු වශයෙන් අඛණ්ඩව මතකයේ රැඳී තිබේවි’’
සීතල දෙසැම්බරයේ උදාවන උත්සව සමයේදී ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන්, තම ආදරණීයයන් සමඟ බෙදා හදා ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් විලාසිතා, රසවත් ආහාරපාන, සංචාරක සහ දෛනික අවශ්‍යතාවන් ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් තෝරාගත් වෙළඳසැල් ඔස්සේ දීමනාවන් රැසක් ඇතුළත් කර තිබේ. විලාසිතා සහ ආභරණවල සිට සුපිරි වෙළඳසැල්, ඉලෙක්ට්‍රොනික් උපකරණ විවේකීය ක්‍රියාකාරකම් දක්වා මෙම උත්සව සමය සැබවින්ම සුවිශේෂී කිරීම සඳහා සම්පත් බැංකුව සිය දීමනාවන් පිරිනැමීමට කටයුතු කරයි. සියලුම සම්පත් මාස්ටර්කාඩ් සහ වීසා ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා මෙම දීමනාවන් විවෘතව පවතින අතර, ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගික අත්දැකීම් වලට මිහිරිතම මතකයන් මුසු කරමින් උත්සව සමය වඩාත් ඵලදායී කිරීමට සම්පත් බැංකුව අඛණ්ඩව කැප වේ.
මෙවර උත්සව ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමත් සමඟින්, ගනුදෙනුකරුවන්ගේ ප්‍රීතිමත් මොහොතවල් මිහිරිතම අවස්ථාවන් බවට පත් කරමින්, උත්සව සමයේ සම්පත් කාඩ්පත් සමඟ සිදු කරන සෑම මිලදී ගැනීමකදීම විස්මිත අත්දැකීමක් ළඟා කර ගැනීම සඳහා සම්පත් බැංකුව, සියලුම ගනුදෙනුකරුවන්ට සුහදව ආරාධනා කරයි.
Video Story