December, 5, 2025
මෙරට බැංකු සහ සිල්ලර වෙළෙඳුන් අතර ශක්තිමත් සහයෝගීතාවයන් ගොඩනගමින් ව්‍යාපාරික මට්ටමේ අවශ්‍යතා ඉටුකරදීමේ හැකියාව පෙන්වා දෙමින් කොමර්ෂල් බැංකුව, අබාන්ස් පීඑල්සී සමාගමේ දේශීය අලෙවිසැල් ජාලයට POS සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම විසඳුමක් දියත් කිරීමට නියමිතය.
මෙම විසඳුම මගින් අබාන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම් සහිත සමාගමක් වනු ඇත. මෙයින් දිවයින පුරා අලෙවිසැල් 400කට අධික ජාලයක් ඇති අබාන්ස් හි අලෙවිසැල් සියල්ල, ඕනෑම ජාත්‍යන්තර සහ දේශීය ප්‍රධාන ගෙවීම් කාඩ්පත් මෙන් ම QR ගෙවීම් ක්‍රමයක් වුව ද පිළිගත හැකි පරිදි සන්නද්ධ කරනු ඇත. නවීන සිල්ලර වෙළඳාමට අවශ්‍ය මූල්‍ය ආරක්ෂාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ලබාදෙන මෙම නව විසඳුම, සමාගමේ ව්‍යපාර සම්පත් සැලසුම්කරණ (ERP) සහ සැපයුම් දාම කළමනාකරණ (SCM) පද්ධති සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වනු ඇත.
අබාන්ස් සඳහා වන කොමර්ෂල් බැංකුවේ මෙම ඩිජිටල් පද්ධතියට වීසා, මාස්ටර්කාඩ්, යුනියන් පේ, ජේසීබී, ලංකා පේ, සහ ලංකා QR ද ඇතුලත් වන අතර, ජාත්‍යන්තර QR ගෙවීම් ක්‍රම වන WeChat Pay, Alipay, UnionPay සහ වීසා QR මෙන් ම මාස්ටර්කාඩ් QR වැනි ක්‍රම ද පිළිගනු ඇත. එය බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ද්වාරය (IPG) ද ඇතුළත් තනි රාමුවක් යටතේ ඒකාබද්ධ වේ. මෙම බහුවිධ ක්‍රම හැකියාව මගින් ගනුදෙනුකරුවෙකු අලෙවිසැල තුළදී හෝ, මාර්ගගතව හෝ ජංගම දුරකථනය හරහා හෝ ගෙවීම් කළ ද, එම ගනුදෙනු සැකසෙන්නේ ඒකාබද්ධ වූ එක් පද්ධතියක් හරහා යි. මෙම විසඳුම මගින් කාඩ්පත් හා QR ගෙවීම් සඳහා සහය වනවා පමණක් නොව, වෙළෙන්දන්ට සහ ගනුදෙනුකරුවන්ට පහසු ගෙවීම් සැලසුම් (EPP) සඳහා පහසුකම් සැලසීමට ද හැකියාව ඇත.
මෙසේ යෙදවීමට නියමිත POS යන්ත්‍ර 2,500 ම, බහු ක්‍රියාකාරී සහ EMV සහතික කළ ඒකක වන අතර ස්පර්ශ රහිත, චිප් සහ චුම්භක තීරු කාඩ්පත් මෙන් ම QR පිළිගැනීමට ද සහාය වේ.
කොමර්ෂල් බැංකුවේ මෙවන් විසඳුම් ගෙවීම් කාඩ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්රමිතීන් (PCI DSS) සමඟ සම්පූර්ණයෙන් ම අනුකූල වේ. අඛණ්ඩ තත්‍ය කාලීන අධීක්ෂණය, අවදානම් සලකුණු කිරීම සහ විෂමතා අනතුරු ඇඟවීම් වංචාවට එරෙහිව ආරක්ෂාව සපයයි. හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමට කැපවූ කණ්ඩායමක් යොදවා ඇති අතර එමගින් සේවා මට්ටමේ ගිවිසුම්වලට අනකූලව වේගවත් විසඳුම් ලබා දීම සහතික කරයි.
“මෙම හවුල්කාරීත්වය අපගේ තාක්ෂණික නායකත්වයේ තවත් ප්‍රදර්ශනයක්,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය, එස්. ගනේෂන් මහතා පැවසීය. “මෙම පරිමාණයේ ඒකාබද්ධ POS සහ ඩිජිටල් ගෙවීම් විසඳුමක් ලබා දීමෙන්, අපි අබාන්ස් සමාගමට ඉහළම මට්ටමේ ආරක්ෂාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම්වලට ඔරොත්තු දීමේ හැකියාව සමඟින් ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දෙනවා. නවීන සිල්ලර වෙළඳාමේ අවශ්‍යතාවලට ගැලපෙන සහ මෙරට ඩිජිටල් අනාගතය සමඟ පෙළගැසෙන සංකීර්ණ ගෙවීම් පරිසර පද්ධති නිර්මාණය කිරීමට කොමර්ෂල් බැංකුවට හැකි බවට එය සාක්ෂියක්.”
අබාන්ස් සමූහයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ඩුබාෂ් මහත්මිය මෙසේ පැවසුවාය: “සෑම විටම අපගේ ප්‍රමුඛතාවය වන්නේ නවෝත්පාදනයන් සහ පාරිභෝගික කේන්ද්‍රීයභාවය ඒකාබද්ධ කිරීමයි. මෙම ගෙවීම් පද්ධතිය හරහා අපගේ ගනුදෙනුකරුවන්ට වේගවත්, ආරක්ෂිත සහ වඩාත් නම්‍යශීලී ගෙවීම් විසඳුම් ලබා දෙන අතර ම අපගේ අභ්‍යන්තර ක්‍රියාවන් නිරවද්‍යතාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යාම සහතික කරයි. කොමර්ෂල් බැංකුව සමඟ හවුල් වීම ඩිජිටල් සිල්ලර වෙළඳාමේ තීරණාත්මක පියවරක් තැබීමට අපට ඉඩකඩ සලසන අතර මුදල් රහිත ආර්ථිකයක් කරා යන ජාතික මෙහෙයුමට අප දක්වන දායකත්වය ද ශක්තිමත් කරයි.”
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන:- කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සහ අබාන්ස් සමූහයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ඩුබාෂ් මහත්මිය සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම් හුවමාරු කර ගන්නා අවස්ථාව
Video Story