නවලෝක උසස් අධ්‍යාපන ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල සමඟ ඇති සබඳතා තව දුරටත් තහවුරු කරයි

    December, 8, 2025

    මෙරට ජාත්‍යන්තර අධ්‍යාපනයේ විශ්වාසනීයම ආයතයනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS), වර්තමානය වන විට, ශ්‍රී ලාංකීය සිසුන්ගේ ඇමරිකානු අධ්‍යාපන සිහිනය යථාර්ථයක් බවට පත් කර ඇත. එහි තවත් පියවරක් ලෙස, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/නියෝජ්‍ය සභාපති වික්ටර් රාමනන් මහතා, අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් මහතා සහ අලෙවිකරණ හා හවුල්කාරීත්ව සංවර්ධන ප්‍රධානී නිපුනි ජයවීර මහත්මිය ඇතුළු පිරිස පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වූහ. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ එරට ප්‍රධානතම විශ්වවිද්‍යාල සමඟ එම ආයතනය හා පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ලාංකේය සිසුන් සඳහා නව අධ්‍යාපන අවස්ථා ඇමෙරිකාව තුළ නිර්මාණය කිරීමයි.

    කැලිෆෝනියාහි ප්‍රාන්ත විශ්වවිද්‍යාලයක් වන සැන් මාකෝස් විශ්වවිද්‍යාලය (CSU San Marcos) සමඟ නවතම “1+3 Transfer ක්‍රමය” හඳුන්වා දීම එහි ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙමඟින් සිසුන්ට සිය පාඨමාලාවේ එක් වසරක් ශ්‍රී ලංකාවේ හිදී සම්පූර්ණ කිරීමටත්, ඉතිරි වසර තුන ඇමරිකා එක්සත් ජනපදයේ දී සම්පූර්ණ කිරීමටත් අවස්ථාව ලැබේ. මෙය සිසුන් වෙත වියදම් කළමනාකරණය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ ඉතා පහසු ක්‍රමයකි. එසේම, ජාත්‍යන්තරව පිළිගත් ඇමරිකානු අධ්‍යාපනය ශ්‍රීලාංකාවෙිදිම ලබා ගත හැකි වීම වටිනා අවස්ථාවකි. දැනට නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සාර්ථකව ක්‍රියාත්මක වන 2+2 වැඩසහනට අමතරව, මෙම නව ක්‍රමවේදය තුළින් ශ්‍රීලාංකික සිසුන්ට ඇමෙරිකානු අධ්‍යාපන සිහිනය සැබැ කරගැනීමට නව දොරගුළු විවෘත කරනු ලැබේ. මීට අමතරව, එම සංචාරයේදි ලාංකේය සිසුන් සඳහා ඇමරිකානු විශ්වවිද්‍යාල මගින් නව මාර්ගගත (Online) උපාධි රැසක් ද හඳුන්වා දීමට අවස්ථාව නවලෝක උසස් අධ්‍යාපන ආයතනය වෙත ලැබී ඇත. එමගින් සිසුන්ට ඇමෙරිකානු විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවන් මෙරටදීම සිට ආරම්භ කර අවසන් කිරීමට හැකියාව ලැබේ.

    මෙම සියලු වැඩසටහන් ඔස්සේ ඕනෑම ශ්‍රීලංකාවේ ඕනෑම සිසුවෙක්ටගුණාත්මක ඇමෙරිකානු අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව ලබා දීම නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අරමුණයි. තවද, මෙම පාඨමාලාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීමත්, දැරිය හැකි මට්ටමේ මිලකට හැදෑරිය හැකි වීමත් හා ඉහළ ගුණාත්මක බවින් යුතුව මෙම අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර තිබීමත් මෙයට අමතර වටිනාකමක් එක් කරනු ලබයි.

    මෙම සුවිශේෂී ඇමරිකානු සංචාරය අතරතුර, නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ කණ්ඩායම විසින් Fullerton Community College මෙන්ම San Marcos, Northridge සහ California State University - Fresno අයත් විශ්වවිද්‍යාල පරිශ්‍රයන් ඇතුළු ප්‍රමුඛතම විශ්වවිද්‍යාල කිහිපයක ම චාරිකාවේ නිරත වනු ලැබීය. එසේම ඔවුහු University at Albany පරිශ්‍රය ද නැරඹූහ. ඉන් අනතුරුව Staten Island University – New York තුළ ද චාරිකාවේ නිරත විය. මෙය ශ්‍රී ලංකාවෙන් පිටත දෙවන විශාලතම ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාලය වීම විශේෂත්වයකි. නවලෝක උසස් අධ්‍යාපන ආයතනය  විසින් මේ වන විට, ඇමරිකාවේ North Alabama Univeristy, Austin Pey State University, Lynchburg Univeristy සහ Salisbary Univeristy යන ඇමරිකානු උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් සමඟ සහ කැනඩාවේ විශ්වවිද්‍යාල විද්‍යාලය කිහිපයක් සමග ශක්තිමත් හවුල්කාරිත්වයන් පවත්වාගෙන යනු ලබයි. මෙම විශ්වවිද්‍යාල සෑම එකකින්ම ශ්‍රී ලාංකික සිසුන්ව ඉතාමත් උණුසුම්ව පිළිගනු අතර, ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපද ජීවිතයට අනුවර්තනය වීමට අවශ්‍ය ශක්තිමත් අධ්‍යාපන පසුබිම සහ පුද්ගලික සහයෝගය ද ලබා දීමට නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සහ එම විශ්වවිද්‍යාලයන් එක සිතින් කටයුතු කරනු ලබයි.

    මෙම සංචාරය තුළ දී නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ කණ්ඩායමට වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන එම ආයතනයේ ආදි සිසුන් කිහිප දෙනෙකු ද හමුවිය. එහිදී, ජාත්‍යන්තර අධ්‍යාපනය වෙත නිර්භීත සහ සෘජු පියවරක් ගැනීම සඳහා නවලෝක උසස් අධ්‍යාපන ආයතනය හරහා ලද අත්දැකීම් ඉතාමත් අභිමානයෙන් යුතුව ඔවුහු බෙදාගත්හ.

    ෆ්‍රෙස්නෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි ආදි සිසුවෙකු වන මලිඳු ජයසේකර සිය අත්දැකීම මෙසේ පැවසුවේය. "නවලෝක උසස් අධ්‍යාපන ආයතනය විසින් අපිව අධ්‍යයනමය වශයෙන් පමණක් නොව, නව රටකට සහ සංස්කෘතියකට අනුවර්තනය වීමට ද සූදානම් කළා. එමෙන්ම මගේ ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට ද උපකාර කළා. ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීම මට දොරටු රාශියක් විවෘත කර දුන් අවස්ථාවක්. මම විශ්වවිද්‍යාලයේ දී, රැකියාවේ දී සහ නව මිත්‍රත්වයන් හරහා දිනපතාම අලුත් දේවල් ඉගෙන ගන්නවා."

    මෙසේ හමුවූ සිසුන් සියලු දෙනා ඇමරිකා එක්සත් ජනපදය “The Land of Opportunities - දියුණු වීමට අවස්ථාවන් සපිරි දේශය” ලෙස විස්තර කළෝය. එයට හේතුව වූයේ, මෙහිදී ඔවුන් තම ජීවිතයට වටිනා අවස්ථාවන් රැසක් ලබා ගැනීම හා ඔවුන්ගේ උපාධි පාඨමාලාව හදාරන අතරතුර ප්‍රයෝජනවත් අර්ධකාලීන රැකියා තුලින් අත්දැකීම් ලබාගැනීමයි. ජීවිතය සාර්ථක අයුරින් වෙනස් කරන "ඇමරිකානු සිහිනය" යතාර්ථයක් කර ගැනීමට උදව් කිරීම පිළිබඳව ඔවුහු නවලෝක උසස් අධ්‍යාපන ආයතනය වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කළහ.

    ඒ අනුව නවලෝක උසස් අධ්‍යාපන ආයතනය යනු, ශ්‍රී ලාංකික සිසුන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන්, සිහිනයන් කරා ළඟා වීම සඳහා මඟ පෙන්වන අධ්‍යාපන ආයතනයක් ලෙස හඳුන්වාදිය හැකිය. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල සමඟ ව්‍යාප්ත වන හවුල්කාරිත්වයන් සහ ගුණාත්මක අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීම තුළින්, එම ආයතනය විසින් අඛණ්ඩව සිසුන්ට දේශීයව මෙන්ම විදේශීයව ද සාර්ථකත්වය කරා මඟ පෙන්වීමට කැපවී සිටිනු ලබයි. මෙම ඇමෙරිකානු උපාධි වැඩසටහනේ සහ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අනෙකුත් අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව වැඩි විස්තර ලබාගැනීමට නෙත්මි - 0770 466 664 වෙත දුරකථන ඇමතුමක් හෝ වට්සැප් පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගත හැක. එමෙන්ම www.nchs.edu.lk/usa වෙබ් පිටුවට පිවිසීමෙන්ද තවත් විස්තර ලබා ගැනීමට හැකියාව ඇත.